Home » ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් මුලතිව් මුහුදු වෙරළට

ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් මුලතිව් මුහුදු වෙරළට

by yasara
January 19, 2024 5:19 pm 0 comment

ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් මුලතිව් මුල්ලිවයිකාල් මුහුදු වෙරලට අද  (19 ) දා ගොඩ ගසා තිබේ.

මෙම ධීවරයාගේ පපුව ප්‍රදේශයේ තෙළිගු භාෂාවෙන් ලියන ලද අක්ෂර ඇති නිසා ඔහු ඉන්දිය ධීවරයෙකු බවට විශ්වාස කරයි.

මළ සිරුර මුහුදු වෙරළට ගොඩ ගැසීමෙන් පසුව මුලතිව් ධීවරයෝ යුද හමුදා කදවුරේ නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී තිබේ.

මුල්ලිවයිකාල් ප්‍රදේශයට පොලිසිය පැමිණීමෙන් පසුව මළ සිරුර පරීක්ෂණ  කටයුතු සදහා මුලතිව් රෝහල වෙත රැගෙන  ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද දැනුවත් කොට තිබේ.

මේ අතර ඉන්දියාවේ රාමෙස්වරන් ධීවර සංගම් වලට මුලතිව් ධීවරයෝ තොරතුරු ඉදිරිපත් කොට අතුරු දහන් වූ ධීවරයෙකු සිටී නම් ඒ පිළිබදව විමසිලිමත් වන ලෙසද ඉල්ලා ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT