පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක සුපිරි සංචිතයට ඇතුළත් නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතොත් ඔවුන්ට කෙළින්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙත තම සුදුසුකම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කොට ඇත.
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලබා ගැනීමට සම අවස්ථා ලබා දෙන ලෙස ඇමැතිවරයා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ උපදෙස් ලබා දුන්නේය.
ඔලිම්පික් සුදුසුකම් ලැබීමට ක්‍රියාත්මක සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ කැබිනට් අනුමැතිය මත සුදුසුකම් ලැබීමේ තරග සහ අනෙකුත් ජාත්‍යන්තර තරග නියෝජනය සඳහා සියලු අරමුදල් සැපයීමට ක්‍රීඩා ඇමැතිවරයා මේ වනවිටත් අවශ්‍ය කටයුතු යොදා ඇත.
ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමේ සුපිරි සංචිතයට ජාතික ක්‍රීඩා සභාව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44ක් තෝරා ගෙන ඇති අතර, එම ලේඛනයට විවිධ හේතූන් මත ඇතුළත් නොවූ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටී නම් මේ මස 24 දක්වා විද්‍යුත් තැපෑල – shemal1216@gmail.com හෝ WhatsApp – 0773584184 හරහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙත තොරතුරු ලබා දිය හැකිය.