මාලදිවයිනේ ආයෝජනවලින් 10%ට වැඩි ප්‍රමාණයක ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමත්ව තිබෙන බව මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ අරලියගහ මන්දිරයේදී පෙරේදා (18) පැවති හමුවකදීය.
දෙරට අතර අනාදිමත් කාලයක සිට පැවති කිසි දිනක පලුදු නොවූ සබඳතා අගමැතිවරයා හා කථානායකවරයා මෙහිදී ස්මරණය කළහ. මාලදිවයින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයන් දක්වන බුද්ධිමය දායකත්වය සිහිපත් කළ මාලදිවයින් කථානායකවරයා බොහෝ ශ්‍රී ලාංකික ගුරුවරුන් මාලදිවයිනේ පෙර පාසල් සහ පාසල්වල සේවය කරන බව කීවේය. ආසියා කලාපයේ තම ස්ථාවර කමිටුවට ශ්‍රී ලංකාව නම් කර ඇති බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.
ඇමැති විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැතිවරුන් වන කාදර් මස්තාන්, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
නුවන් කොඩිකාර