මෙරට හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, SLIM Brand Excellence Awards 2023 හිදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තිරසර ක්‍රමවේදයන් වෙනුවෙන් කැපවීම සහ මෙරට තුළ තිරසර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මානය DFCC බැංකුව වෙත හිමි විය. එමෙන්ම එය පරිසර හිතකාමීත් වයස හා සමාජයීය වගකීම් සහගතභාවය සම්බන්ධ දශක තුනක මෙහෙවර උදෙසා පිදුණු උපහාරයක් ලෙස ද හැඳින්විය හැකි වේ.
පරිසරය වෙනුවෙන් සක්‍රීයව කැපවූ බැංකුවක් බව යළි තහවුරු කරමින් 2023 ජූලි මාසයේදී, ශ්‍රී ලංකාවේ Green Climate Fund (GCF) වෙතින් සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ පළමු සහ එකම බැංකුව බවට පත්වීමට DFCC බැංකුව සමත් විය. Green Climate Fund යනු දේශගුණ යහපත වෙනුවෙන් කැපවුණු විශාලතම අරමුදලයි. මෙම සහතිකකරණය හිමිවීම මඟින්, ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් අවම කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘති සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක් දක්වා අරමුදල් සැපයීමට DFCC බැංකුවට හැකියාව ලැබී තිබේ. දැඩි විශ්ලේෂණ ක්‍රියාවලියකින් අනතුරුව මෙම සහතිකකරණය හිමිකර ගැනීමත් සමඟ, ලොව පුරා දේශගුණ බලපෑම් අවම කරමින් තිරසර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටින සමාගම් හා ආයතන අතරට එක්වීමට DFCC බැංකුව සමත් වී ඇත.
DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් මෙරට තිරසර ප්‍රයත්නයන් සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින අතර, 2020 වසරේදී මෙරට තුළ නිල වශයෙන් තිරසර ක්‍රමෝපායක් ප්‍රකාශයට පත් කළ ප්‍රථම බැංකුව බවට පත් විය. 1988 වසරේ සිටම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රාශියක් සඳහා මූල්‍ය පහසුකම් සපයමින් එම බැංකුව රටේ තිරසර පරිවර්තනය ශක්තිමත් කිරීමට දායක වී තිබේ. සූර්ය බලශක්ති පද්ධති එකලස් කිරීමේ ව්‍යාපෘතිවල සිට ජල, සුළං, සූර්ය, ජෛව ස්කන්ධ සහ අපද්‍රව්‍ය බලශක්ති ව්‍යාපෘති දක්වාම පුළුල් පරාසයක පැතිරුණු තිරසර ව්‍යාපෘති සඳහා DFCC බැංකුවේ සහයෝගය හිමි වී ඇත. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කිරීමට සමත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ව්‍යාපෘති දෙකක්, ලෝක බැංකුවේ සහ Global Environment Facility සංවිධානයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නැංවීමට ද DFCC බැංකුව කටයුතු කළේය.