Thursday, May 15, 2025
Home » SLT-MOBITEL eChannelling මෙවරට ‘Online Brand of the Year’ රන් සම්මානය

SLT-MOBITEL eChannelling මෙවරට ‘Online Brand of the Year’ රන් සම්මානය

by manjula
January 20, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් ජාලය මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් සංවිධානය කරන ලද 2023 SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ ලෙස ඇගයීමට ලක්විය. මෙම සම්මාන උලෙළ පසුගියදා කොළඹදී පැවැත්විණි.වාර්ෂිකව පැවැත්වෙන SLIM Brand Excellence සම්මාන උලෙළේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අලෙවිකරණ ප්‍රයත්න සහ සන්නාමවල සාර්ථකත්වය ඇගයීමට ලක්කිරීම ය.

‘Logic Behind the Magic’ යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර සම්මාන උලෙළට අයදුම්පත් 175ක් ඉදිරිපත් වී තිබූ අතර, ඒ අනුව එම සම්මාන උලෙළ එහි ඉතිහාසයේ වඩාත්ම තරගකාරී සම්මාන උලෙළක් බවට පත් විය.පසුගිය වසරේදී පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් මෙම සම්මාන උලෙළේ ‘Online Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය දිනා ගන්නා ලද්දේ eChannelling විසිනි. eChannelling හි විශිෂ්ට අලෙවිකරණ ප්‍රයත්න, කාර්යසාධනය, සන්නාමයේ ශක්තිය, වෙළඳපොළ සවිඥානිකත්වය සහ ඵලදායී අලෙවිකරණ ක්‍රියාකාරකම් යනාදී සාධක එහිදී සැලකිල්ලට ගන්නා ලදි. වෙළඳපොළ තුළ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය වෙනුවෙන් eChannelling දක්වන උනන්දුව හා කැපවීම මෙම ජයග්‍රහණයට තුඩුදුන් තවත් ප්‍රධානතම හේතුවක් විය.

මෙම සම්මානය, වෙළඳ පොළේ ශක්තිමත් සන්නාමයක් ලෙස eChannelling සතු පිළිගැනීම නැවතත් තහවුරු කරයි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යහපත් පරිවර්තනයක් ඇති කිරීම සඳහා eChannelling දරන උත්සාහයට ලැබුණු ප්‍රමුඛ පෙළේ පිළිගැනීමක් ලෙස ද සැලකිය හැකි අතර, එය මෙරට ඩිජිටල් සෞඛ්‍ය සේවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා eChannelling දිරිගන්වන සාධකයක් වනු නිසැක ය.

2023 වසරේදී සිය විසිවන සංවත්සරය සැමරූ eChannelling, ඉදිරියටත් නවීනතම නිෂ්පාදන හා සේවා හඳුන්වා දෙමින් මෙරට සෞඛ්‍ය සේවා හා ජීවන රටා වැඩි දියුණු කිරීම සඳහා කැපවී සිටී.

eChannelling බලගන්වනු ලබන්නේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL මගිනි. SLT-MOBITEL හි තාක්ෂණය සහ සේවා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට සහ ඩිජිටල්කරණය කිරීමට සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ.

2004 වසරේදී මුල්ම වරට වෛද්‍යවරුන් චැනල් කිරීමේ සේවා ආරම්භ කළ eChannelling මේ වන විට රටේ දිස්ත්‍රික්ක 25 හිම සෞඛ්‍ය සේවා ආයතන සහ ඖෂධ අලෙවි සැල් සිය ගණනක් සමඟ අත්වැල් බැඳගෙන සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT