ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Lassana Agri සමාගමේ මූලික අරමුණ වන්නේ, දේශීය හා විදේශීය වෙෙළඳ පොළට නැවුම්, ගුණදායක එළවළු හා පලතුරු සැපයීමය. නවෝත්පාදනය ඔස්සේ මේ සඳහා අතිශය විධිමත් ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමට Lassana Agri මේ වනවිට සමත් වී තිබේ. මෙම ක්‍රියාවලිය හුදෙක් කෘෂි නිෂ්පාදන වැඩිදියුණු කිරීමෙන් නොනැවතී, සමස්ත කෘෂිකාර්මික සැපයුම් දාමයම පරිවර්තනයකට ලක්කිරීමේ මෙහෙවරක් බවට පත් වී ඇත. ආහාරපානවල නැවුම් බව පමණක් නොව, ඒවා කෙතරම් දුරකට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උපකාරී වන්නේද යන සාධක කෙරෙහි පාරිභෝගිකයන්ගේ අවධානය දැඩි ලෙස යොමුවෙමින් පැවතීම, මෙම මෙහෙවරට තුඩුදුන් ප්‍රධානතම සාධකයක් ලෙස හැඳින්විය හැකි වේ.
මෙම පෙරළිකාරී නව පියවර සමඟින්, රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ගැටලු ලෙස සැලකිය හැකි මිලගණන් අධික ලෙස ඉහළ යාම, ගුණාත්මක බව පහළ යාම, පමණ ඉක්මවා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම්වලට ලක්වීම යනාදියට විසඳුම් ලබාදීමට Lassana Agri බලාපොරොත්තු වෙයි. මෙම ව්‍යාපෘතිය යටතේ ගොවීන්ට නවීනතම තාක්ෂණය, හරිතාගාර සහ උපාංග ලබා දෙන අතරම, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා විශ්වාසදායක වෙෙළඳපොළක් නිර්මාණය කරමින් ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමට අප තීරණය කර ඇත. ඒ සඳහා මූලික පියවරක් ලෙස Agriplast Protected Cultivation Pvt Ltd සමඟ ගිවිසුම් ගත වීමත් සමඟ රටේ ගොවීන්, ව්‍යවසායකයන් සහ ආයෝජකයන් වෙනුවෙන් සහනදායී මිලගණන් යටතේ අධිතාක්ෂණික සහ මධ්‍යම තාක්ෂණික හරිතාගාර සැපයීමට හැකි වී තිබේ.
Lassana Agri Invovation සමාගමේ සහ Lassana සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා කියා සිටියේ, Lassana Agri සමාගමේ මූලික අරමුණ වන්නේ, මෙරට ගොවීන් දරිද්‍රතාවෙන් මුදවා නවීන කෘෂිකර්මාන්තයක් වෙත යොමුකරවමින්, ඔවුන්ට තම ආර්ථිකය සුරක්ෂිත කරගැනීමට සහ නිෂ්පාදන ධාරිතාව පුළුල් කරගැනීමට උපකාරී වන විධිමත් ක්‍රමවේදයන් හඳුන්වා දීම බවය. මේ ඔස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කරමින්, වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුත් සුරක්ෂිත කෘෂි නිෂ්පාදන සහනදායී මිලගණන් යටතේ පාරිභෝගිකයන් වෙත ලබාදීමටය.
ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට දීර්ඝ කාලයක පටන් කෘෂි නිෂ්පාදනවල මිලගණන් අධික ලෙස ඉහළ යාම සහ ඒවායෙහි ගුණාත්මක භාවය පහළ යාම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වී ඇත. කෘෂි නිෂ්පාදනවල මිලගණන් සාපේක්ෂව අසල්වැසි රටවලට වඩා ඉහළ වුවද, ගොවීන්ට තවමත් දරිද්‍රතාවේ ගැලී සිටීමට සිදු වී තිබේ. විශේෂයෙන්ම සහනදායී මිලගණන් යටතේ හරිතාගාර ඉදිකිරීමට අවස්ථාව සලසා දීම වැනි ක්‍රම තුළින් මෙම ගැටලු විසඳීම Lassana Agri සමාගමේ අපේක්ෂාව වී ඇත. Agriplast protected cultivation PVT LTD සමඟ ගිවිසුම්ගත වීම නිසා, වැඩි අස්වැන්නක් සමඟ සුරක්ෂිත කෘෂි නිෂ්පාදන වෙෙළඳපොළට ලබාදීමට හැකියාව ලැබේ.