2024 වසරේ සිය පළමු ක්‍රියාවලින්ගෙන් එකක් ලෙස කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සමඟ නව සාමූහික ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුමකට පිවිසෙමින්, වඩා යහපත් සේවක සේවා කොන්දේසි සහතික කිරීම සඳහා බැංකුවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, සංගමය සහ සේවකයින් අතර සහයෝගිතාවය තුළින් කාර්යක්‍ෂම හා ඵලදායී සේවා පරිසරයක්ද පවත්වාගෙන යෑමද මෙම ක්‍රියාවලිය මඟින් අපේක්‍ෂා කරයි.
සාමූහික ගිවිසුම මඟින් කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සහ සංගමයේ සාමාජිකයින්ද ආවරණය වන අතර, එමඟින් විධායක සහකාර ශ්‍රේණිවල හා අනුබද්ධ ශ්‍රේණිවල සහ විධායක නොවන ශ්‍රේණිවල ස්ථිර රැකියා කොන්ත්‍රාත්තු මත සේවයේ නියුතු සංගමයේ සාමාජිකයින් ආවරණය කෙරෙයි. දෙපාර්ශ්වය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම හරහා, විධායක ශ්‍රේණියේ නිලධාරින් ආවරණය වේ.
අත්සන් කරන ලද සාමූහික ගිවිසුම සහ අවබෝධතා ගිවිසුම 2026 දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වේ.
ගිවිසුම අත්සන් කරන අවස්ථාවට සහභාගි වූ CBEU ශාඛා සංගමයේ වැඩ බලන ලේකම් රමේෂ් ප්‍රනාන්දු මහතා, CBEU ශාඛා සංගමයේ සභාපති සමීර කසුන් මහතා, CBEU ලේකම් රන්ජන් සේනානායක මහතා, CBEU සභාපති චන්න දිසානායක මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එස්. ප්‍රභාගර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – මානව සම්පත් කළමනාකරණය ඉසුරු තිලකවර්ධන මහතා.