Thursday, May 15, 2025
Home » පාකිස්තානයේ බිත්තර මිල අහස උසට

පාකිස්තානයේ බිත්තර මිල අහස උසට

by manjula
January 20, 2024 1:00 am 0 comment

පාකිස්තානය ආර්ථික අර්බුදය සහ උද්ධමනය පාලනය කිරීමේ අරගලයක නිරතව සිටින අතරතුර ලාහෝර් නුවර බිත්තර මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට දෛනික අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යෑමෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටින පාකිස්තාන ජනතාව බිත්තර මිල ඉහළ යෑමෙන් තවදුරටත් ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලාහෝර් නුවර බිත්තර දුසිමක මිල එරට මුදලින් රුපියල් 400 දක්වා ඉහළ ගොස් ඇති අතර, පාකිස්තාන රජයේ මිල පාලනය පවත්වාගෙන යෑමට සහ බලාත්මක කිරීමට ප්‍රාදේශීය පරිපාලනය අසමත් වී ඇතැයි ද වාර්තා වේ. බිත්තර මිලට අමතරව ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක මිල ද රුපියල් 230 සහ 250 අතර මිලකට අලෙවි වන බවත්, කුකුල් මස් කිලෝව ලාහෝර් නුවර අලෙවි වන්නේ රුපියල් 615කට බවත් වැඩිදුරටත් වාර්තා වේ.

අත්‍යවශ්‍ය ආහාර මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑම සඳහා මිල සහතික කිරීමට සහ ගබඩා කිරීම හා ලාභ උපයා ගැනීම පරීක්ෂා කිරීමට එරට ආර්ථික සම්බන්ධිකාරක කමිටුව ජාතික මිල අධීක්ෂණ කමිටුවට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT