Thursday, May 15, 2025
Home » ට්ෂෙරින් ටොබ්ගි දෙවැනි වරටත් භූතානයේ අගමැති ධුරයට

ට්ෂෙරින් ටොබ්ගි දෙවැනි වරටත් භූතානයේ අගමැති ධුරයට

by manjula
January 20, 2024 1:00 am 0 comment

භූතානයේ පසුගියදා පැවැති මහමැතිවරණයෙන් එරට හිටපු අගමැතිවරයකු වන ට්ෂෙරින් ටොබ්ගි ජයග්‍රහණය අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 58 හැවිරිදි ටොබ්ගිගේ නායකත්වයෙන් යුතු එරට ලිබරල් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පාර්ලිමේන්තු ආසන 47කින් 30ක් ජය ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඔහු මීට පෙර 2013 සිට 2018 දක්වා භූතානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර, ඊට පෙර ඔහු 2008 සිට 2013 දක්වා භූතානයේ විපක්ෂ නායකයා ලෙසත් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පසුගිය වසර 5ක කාලයේදී විපක්ෂයේ අසුන්ගෙන සිටි ටොබ්ගි මෙවර නැවත අගමැතිධුරයට පත්වීම ආසියාතික කලාපයේ සෙසු රටවල් සමඟ සමීප මිත්‍රත්වයක් ගොඩ නඟා ගැනීමට හේතු වනු ඇතැයි භූතානයේ දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත. ඔහුගේ පත්වීමෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කරමින් මිත්‍ර රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා අලුත් කර ගැනීමට භූතානයට අවස්ථාව ලැබී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ඉන්දියාව සමඟ සමීපව කටයුතු කරන ටොබ්ගි දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කිරීමට පසුබිම නිර්මාණය කරනු ඇතැයි ඉන්දීය රජය අපේක්ෂා කරන අතර, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබපැතුම් එක් කර ඇතැයි ද වාර්තා වේ. නව අගමැතිවරයා පත්වී ඇත්තේ පසුගිය කාලයේ එරට විරැකියාව 29% කින් ඉහළ යෑමත්, කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එරට සංචාරක කර්මාන්තය බිඳ වැටීමත් හේතුවෙන් පසුබෑමකට ලක්වී සිටි අවස්ථාවකදී වන අතර, ඉන්දියාව සමඟ දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමෙන් එරට ආර්ථික ගැටලු සඳහා කඩිනම් විසඳුම් සපයා ගැනීමට ද නව අගමැතිවරයාට අවස්ථාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT