හමාස් තුරන් කරන තුරු සටන ඉදිරියට ගෙන යන බවට ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්
ගාසා තීරයේ යුද ගැටුම් අවසන් වීමෙන් පසු පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට අමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට විරුද්ධ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ සම්පූර්ණ ජයග්‍රහණයක් සිදු කරනතුරු යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවය. හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා තවත් මාස ගණනාවක් ගත විය හැකි බවත් බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයකට අනුව පෙරේදා වන විට ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තුවාල ලැබූ පිරිස පනස්දහස ඉක්මවා ඇත.
324
කලින් පුවත