Thursday, May 15, 2025

by manjula
January 20, 2024 1:00 am 0 comment

සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම වැඩ බලන විදේශ කටයුතු ඇමැති තාරක බාලසූරිය මහතා හමු වී සාකච්ඡා කර තිබේ.

මාලදිවයිනේ මහජන මජ්ලිස්හි කථානායක මොහොමඩ් අස්ලම් මහතා ප්‍රමුඛ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩබලන විදේශ ඇමැති තාරක බාලසූරිය මහතා හමුවිය.

එහිදී වැඩබලන විදේශ ඇමැතිවරයා විසින් මාලදිවයින් දූත පිරිස පිළිගත් අතර, ශ්‍රී ලංකා මාලදිවයින ද්විපාර්ශ්වික සබඳතා, ව්‍යවස්ථාදායකයන් අතර සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්හ. ශ්‍රී ලංකා – මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන්ගෙන් සමන්විත සත් පුද්ගල දූත පිරිස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොළඹ පිහිටි මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මේ හමුවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT