Thursday, May 15, 2025
Home » අස්වැසුමට තවත් සුදුස්සන් තෝරාගන්න අයදුම්පත් පෙබරවාරි මුල් සතියේ

අස්වැසුමට තවත් සුදුස්සන් තෝරාගන්න අයදුම්පත් පෙබරවාරි මුල් සතියේ

by manjula
January 20, 2024 1:00 am 0 comment

අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුස්සන් තෝරාගැනීම සඳහා පෙබරවාරි මාසයේ මුල් සතියේ නැවත අයදුම්පත් කැඳවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත.

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන ලක්ෂ 14කට අමතරව, තවත් පිරිසක් ඊට ඇතුළත් කරගැනීමේ අරමුණින් මේ අයදුම්පත් කැඳවන බව වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

වැට් බදු සංශෝධනය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අමාරුකම් දරාගැනීමට අපහසු සහන අවශ්‍ය පිරිස් වෙත සුබසාධනය ඉහළ නැංවීම රජයේ අරමුණයි. ඒ අනුව දැනට අස්වැසුම ලබන පිරිසත් සමඟ අලුතින් එක්වන පිරිස් වේ නම් ලක්ෂ 20කට යටත්ව මේ දීමනාව පිරිනැමීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇත.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT