Thursday, May 15, 2025
Home » ඩෙංගු මදුරුවන්ගේ බෝ වීම 29.5%කින් ඉහළ ගිහින්

ඩෙංගු මදුරුවන්ගේ බෝ වීම 29.5%කින් ඉහළ ගිහින්

by manjula
January 20, 2024 1:01 am 0 comment

ඩෙංගු මදුරුවන්ගේ බෝ වීම සියයට 29.5කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන පවසයි. මේ වසරේ ආරම්භක සතියට වඩා දෙවැනි සතිය තුළදී මේ වැඩි වීම සිදුව ඇති බවත් පසුගිය 8 දා සිට 14 දා දක්වා සතිය තුළ ඩෙංගු ආසාදිතයන් 2951ක් වාර්තා වී ඇති බවත් එම වාර්තාව ප්‍රකාශ කරයි.

මේ වසරේ ආරම්භයේ සිට ගත වූ දින 18 තුළදී ආසාදිතයන් 6,689ක් වාර්තා වී ඇති බවත්, එක් ඩෙංගු මරණයක් වාර්තා වී ඇති බවත් එහි සදහන් වේ. ආසාදිතයන් 1,391ක් කොළඹින්ද, 1,320ක් යාපනයෙන්ද, 583ක් ගම්පහින්ද, 261ක් කළුතරින්ද, 456ක් මහනුවරින්ද, 305 බැගින් කුරුණෑගලින් සහ පුත්තලමෙන්ද, 227ක් කෑගල්ලෙන්ද, 174ක් රත්නපුරෙන්ද වාර්තා වී තිබේ.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වන සියයට 33.4ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. කිසියම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර, සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතු බවත්, මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පරිසරය පිරිසුදුව තබාගැනීමෙන් ඩෙංගු රෝගය වළක්වා ගත හැකි බවත් වෛද්‍යවරු පවසති.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT