Thursday, May 15, 2025
Home » යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති ගේනවා

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති ගේනවා

අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

by manjula
January 20, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ගෙන එන නව නීති සහ රෙගුලාසි අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව විනිවිදභාවය ආරක්ෂා කරමින් ගෙන එන බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (19) එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත Marc- Andre-Franche මහතා හමු වූ අවස්ථාවේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක සහ අධිකරණ ඇමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) අධිකරණ අමාත්‍යාංශයේ පැවැති අතර ලෝකයේ රටවල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ කාලයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අත්දැකීම් සම්බන්ධයෙන් Franche මහතා ඇමැතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ කාර්ය වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහා පසුගිය කාලයේ ගෙන එන ලද නව නීති සහ රෙගුලාසි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අධිකරණ ඇමැතිවරයා පූර්ණ විනිවිදභාවයෙන් සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට සියලු දෙනාගේ අදහස හා යෝජනා ලබා ගනිමින් එම නීති සම්පාදනය කළ ආකාරය එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයාට පැහැදිලි කළේය. එසේම ඉදිරියේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද නීතිය ආධිපත්‍ය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපදේශ සහ මඟ පෙන්වීම් වඩාත් වැදගත් වන බව ද ඇමැතිවරයා Franche මහතාට මෙහිදී පෙන්වා දුන්නේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT