Thursday, May 15, 2025
Home » මේ වසර ජීවන බර ලිහිල් කරන සහ කම්හල් නංවන වසරක්

මේ වසර ජීවන බර ලිහිල් කරන සහ කම්හල් නංවන වසරක්

by manjula
January 20, 2024 1:01 am 0 comment

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ

මේ වසර ජීවන බර ලිහිල් කිරීමේ සහ කර්මාන්ත නඟා සිටුවීමේ වසර බවට පත්වෙතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී ආශු මාරසිංහ මහතා මෙසේද කීය.

2022 වර්ෂයේදී ආර්ථික පසුබෑමත් එක්ක ප්‍රාථමික ගිණුමේ ශේෂය ඍණ 805ක් ලෙස සටහන් වුණා. ඒ වන විට ධන අගයක් තිබුණු ආර්ථිකය බරපතළ ආකාරයට ඇදගෙන වැටෙන්න සැලැස්සුවේ ආර්ථික ප්‍රතිපත්තියේ තිබුණු දුර්වලතා නිසයි. නැවත වරක් 2023 වර්ෂයේදී ජනපතිගේ ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන්ම ප්‍රාථමික ගිණුම ධන අගයක් සහිතව රුපියල් බිලියන පනස් දෙකක් ලංකා ඉතිහාසයේ පළමු වරට අතිරික්තයක් විදිහට තබා ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවත් මෙවැනි අතිරික්තයක් අපට හිමිකර ගත හැකි වෙයි කියා විශ්වාස කළේ නැහැ. ඔවුන් කීවෙත් ඍණ 209ක ප්‍රාථමික ගිණුමේ අතරික්තයක් පවත්වාගෙන යනවා නම් මේ මොහොතේ එය හිතකරයි කියා පමණයි. ජනාධිපතිවරයාගේ ආර්ථික සැලසුම් සහ රාජ්‍ය බදු ආදායම් එකතු කරන ආයතනවල තිබුණ කාර්යක්ෂමතාව නිසාම අපට රුපියල් බිලියන 3115ක ආදායමක් රැස්කර ගැනීමට හැකියාව ලැබුණා.

ඒ නිසාම රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දාහක වැඩි කිරීමක් සහ අනෙකුත් සුබසාධන දීමනා ලබාදීමට රජයට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම 2024 වසරේදී රුපියල් බිලියන 4127ක රාජ්‍ය ආදායමක් එකතු කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. ඒ අනුව විස්සයි විසි හතර වර්ෂයේදී රුපියල් බිලියන 250ක ප්‍රමාණයක් එක් කර ගැනීමේ දුෂ්කර අභියෝගය අපි ඉදිරියේ තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂයේ සමාජ පීඩනය ලිහිල් කිරීමේ වර්ෂයක් විදියට අපි සලකනවා.මේ වර්ෂයේදී සංචාරකයන් ලක්ෂ 25ක් රටට ගෙන ඒමේ සැලැස්මක් තිබෙනවා. ජනවාරි මාසයේම ලක්ෂයක් පැමිණ තිබෙනවා. 2003 වර්ෂයේ පමණක් සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන දෙක හමාරක් එකතු කර ගැනීමට අපට හැකියාව ලැබුණා.
ගාල්ල දිස්ත්‍රික් සම්මේලනයට ගිය වෙලාවේ මම හෝටලයකට ගියා. ඔවුන්ගේ කාමර 199ක් තිබෙනවා.

ඔවුන් කිව්වේ ප්‍රථම වතාවට සෑහෙන කාලෙකින් පසුගිය දෙසැම්බරයේ ඔවුන්ට සර්විස් චාර්ජ් එක තමන්ගේ සේවකයන්ට ගෙවීමට හැකියාව ලැබුණු බවයි. ඒක විශේෂ ජයග්‍රහණයක් ලෙස ඔවුන් සඳහන් කළා. ඒ වගේම කාමර වෙන් කර ගැනීමත් සීයට අනූපහක, සීයකට අනූ හයක මට්ටම තිබෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා. විදේශ ප්‍රේෂණ ලැබීමත් බිලියන එකයි දශම තුන දක්වා ඉහළ මට්ටමකට පසුගිය වසරේ ලැබී තිබෙනවා.

ඒ වගේම වැටුණු කර්මාන්ත නඟා සිටුවීමට 2024 දී ජනාධිපති විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව 2024 ජීවන බර ලිහිල් කිරීමේ සහ කර්මාන්ත නඟා සිටීමේ වසරක් බවට පත්වෙනවා. පෙබරවාරි හතර වන විට තායිලන්තයත් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි. චීනය ඉන්දුනීසියාව වැනි රටවල් එක්ක භාණ්ඩ නිෂ්පාදනය කිරීම පිළිබඳ ගිවිසුම් ඇතිකර ගැනීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කළ ගනුදෙනුවල සාර්ථකභාවය, ණය ගෙවීමේ සාර්ථකභාවය සහ අනෙකුත් ආයතන සමඟ පවතින සහයෝගය නිසාම ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් මේ ගමන ගොස් තිබෙන බවත් ඒ පිළිබඳව ඔවුන් සතුටට පත්වන බව ඒ වගේම ජපාන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඇවිත් ජනාධිපතිවරයා හමුවී ප්‍රකාශ කළා.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT