Thursday, May 15, 2025
Home » බස් රියක ගමන් ගත් කාන්තාවක සන්තකයේ පුපුරන ද්‍රව්‍ය තොගයක්

බස් රියක ගමන් ගත් කාන්තාවක සන්තකයේ පුපුරන ද්‍රව්‍ය තොගයක්

by manjula
January 20, 2024 1:00 am 0 comment

පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මගී බස් රථයක් ඊයේ (19) පෙරවරු 11.45ට පමණ පරීක්ෂාවේදී එහි ගමන් ගත් කාන්තාවක් සන්තකයේ තිබී පුපුරන ද්‍රව්‍ය සඳහා භාවිත කරන පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වු බව කොටවෙහෙර පොලිසිය පවසයි.

කොටවෙහෙර පොලිස් වසමේ පලුගස් හංදිය පොලිස් මාර්ග රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරික්ෂක වන්නිනායක ඇතුළු පොලිස් කණ්ඩායම මෙම පුද්ගලික බස් රථය පරීක්ෂා කිරීමේදී එහි ගමන් ගත් කාන්තාව සතු පාර්සලයේ තිබී ඇමෝනියම් ග්‍රෑම් 605ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 165ක්, විදුලි නූල් ඩෙටනේටර් දෙකක්, රතු පැහැති සේවා නූල් අඩි දහයක ප්‍රමාණයක්, විදෙස් රටක සිගරැට් විස්සකින් යුත් පැකට් එකක් හමු වී තිබේ.

ඒවා රැගෙන යන්නේ කුමන කාරණාවක් සඳහා ද යන්න නිසි ලෙසට පැවසීමට අපොහොසත් වු ගුරුදෙණිය, හාරගම, බෝ සෙවණ මාවතේ පදිංචි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය තොගය සමඟින් සැකකාරිය නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය පිළිබඳව කොටවෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කොටවෙහෙර පොල්පිතිගම – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT