ඩෙංගු රෝගය සඳහා යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණ නිවෙස අසල වූ බැංකුවකින් මුදල් ලබා ගැනීමට යමින් සිටි පුද්ගලයකු මහ පාරේ ඇද වැටී ඊයේ (19) මියගොස් තිබේ.
යාපනයේ අරියාලේ රාසතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා සින්ධුජන් (31) නමැති දෙදරු පියකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. ඔහු උණ රෝගයට මීට දින කීපයකට ඉහතදී ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී ඔහුට ඩෙංගු උණ රෝගය වැලඳී ඇති බව තහවුරු වීමෙන් පසුව ඔහුට නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුව ඇත.
පසුව රෝහලෙන් නිදහස් කළ ඔහු නිවෙසට පැමිණ නිවෙස අසල වූ බැංකුවට පයින් යාමේදී මහ පාරේ ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇත. වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඊට පැය බාගයකට පමණ ඉහතදී මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත. යාපනය ශික්ෂණ රෝහලේදී මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ