ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධාන කරන ජාතික ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් ශූරතාවලිය අද (20) සහ හෙට (21) දෙදින වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අඛණ්ඩව 5 වැනි වරටත් ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 35ක් එක්ව සිටින අතර, අද තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙනු ඇත. හෙට අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ තරගාවලියේදී නෙට්බෝල් රැජින, දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව, දක්ෂතම පන්දු රකින්නිය හා දක්ෂතම පන්දු විදින්නිය සඳහා සම්මාන පිරිනැමෙනු ඇත.
අවසන් වරට පැවති ජාතික නෙට්බෝල් ශූරතාවලියේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 45-28ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් විය. ඔවුන් එවර ශූරතාව දිනා ගත්තේ අඛණ්ඩව සිවුවැනි වරට වීම විශේෂත්වයකි.
නිරෝෂාන් ප්‍රියංකර