Thursday, May 15, 2025
Home » පාකිස්තාන ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සමඟ තවත් 2ක් ඉල්ලා අස් වෙති

පාකිස්තාන ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සමඟ තවත් 2ක් ඉල්ලා අස් වෙති

by manjula
January 20, 2024 1:00 am 0 comment

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලද ලැජ්ජා සහගත පරාජ හේතුවෙන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, ඉහළ කාර්ය සාධන පුහුණු මධ්‍යස්ථාන ප්‍රධානි හා පන්දු රැකීමේ පුහුණුකරු ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න්, පාකිස්තාන පිතිකරණ පුහුණුකරු ඇන්ඩෘ පුටික් යන මහත්වරු සිය ධුරවලින් ඉල්ලා අස් වෙයි.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලි පරාජයෙන් පසු ඔස්ට්‍රේලියාවේ පැවති ටෙස්ට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම පරාජයට පත්වූ අතර, නවසීලන්තයේ තරග 5කින් සමන්විත විස්සයි20 පළමු තරග හතර දැනටමත් පරාජය වී තරගාවලි පරාජය අත්කර ගෙන සිටී.

2023 අප්‍රේල් මාසයේදී මිකී ආතර් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමෙන් පසුව, බ්‍රැඩ්බර්න් පසුගිය වසර මුලදී පාකිස්තාන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ පුටික් 2023 අප්‍රේල් මාසයේ සිට පාකිස්තානයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරයි. මිකී ආතර්, ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් සහ ඇන්ඩෲ පුටික් හට 2023 නොවැම්බරයේදී ලාහෝර් පදනම් කරගත් ජාතික ක්‍රිකට් ඇකඩමියේ වගකීම පැවරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT