Thursday, May 15, 2025
Home » HNB General Insurance සමාගම ෆීනික්ස් ව්‍යාපෘතිය හා එක්වී රක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරයි

HNB General Insurance සමාගම ෆීනික්ස් ව්‍යාපෘතිය හා එක්වී රක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරයි

by manjula
January 20, 2024 1:00 am 0 comment

සිය ව්‍යාපාරික මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කරමින් සියලු පාර්ශ්වකරුවන්ට ඉහළම වටිනාකමක් ලබා දීමේ අරමුණ පෙරදැරිව HNB General Insurance (HNBGI) සමාගම පසුගියදා සිය මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හා සම්බන්ධ ඉතා වැදගත් පියවරකට මුල පිරීය. ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල ඩිජිටල්ගත මූලික රක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට HNB General Insurance (HNBGI) සමාගම කටයුතු ආරම්භ කළ අතර ප්‍රකට මෘදුකාංග සමාගමක් වන Azentio Software සමාගම සමඟ සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ෆීනික්ස් ව්‍යාපෘතිය (Project Phoenix) ලෙසින් නම් කෙරී ඇත.

ෆීනික්ස් ව්‍යාපෘතිය HNB General Insurance (HNBGI) සමාගම සිය කාර්යක්ෂමතාව, නිරවද්‍යතාව ඇතුළු සමස්ත මෙහෙයුම් ඵලදායීතා වර්ධනය කිරීම සඳහා දක්වන කැපවීමට මනා උදාහරණයක් බව ප්‍රකාශ කළ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “HNB General Insurance (HNBGI) සමාගමේ දැක්ම වන්නේ සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසර වටිනාකම් නිර්මාණය කිරීමයි. මූලික රක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ ප්‍රථිඵලයක් වශයෙන් මෙහෙයුම්වල නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාව වර්ධනය වන නිසා ශීඝ්‍රයෙන් වෙනස්වන රක්ෂණ වෙ‍ෙළඳපොළ තුළ තරගකාරිත්වය සාර්ථකත්ව පවත්වා ගැනීමට අපට හැකි වෙනවා. ෆීනික්ස් ව්‍යාපෘතිය සමාගමේ දැක්ම යථාර්ථයක් කිරීමට අප දරන උත්සාහයට හොඳ උදාහරණයක් වන්නේ ඒ නිසයි.”

Azentio Software සමාගම සිංගප්පූරුවේ ස්ථාපිත බැංකුකරණ, මූල්‍ය සේවා සහ රක්ෂණ සේවා ක්ෂේත්‍රයන්ට මෘදුකාංග සේවා සපයන ජාත්‍යන්තර කීර්තිමත් සමාගමකි. එම සමාගම වසර 25 කට අධික කාලයක් පුරා ලොව රටවල් 65 කට අධික සංඛ්‍යාවකට අයත් බැංකු, මූල්‍ය හා රක්ෂණ සමාගම් 1000 කට අධික ප්‍රමාණයකට සේවා සපයමින් දැවැන්ත විශේෂඥතාවක් අත්පත් කරගෙන ඇති අතර ආසියා පැසිෆික්, අප්‍රිකානු සහ මැද පෙරදිග කලාපයේ රටවල රක්ෂණ සමාගම් 130 කට අධික ප්‍රමාණයකට සිය සේවා සැපයීම විශේෂත්වයකි. Azentio ONEInsurance රක්ෂණ පද්ධතිය හරහා රක්ෂණ සමාගම්වලට සුවිශේෂී නව රක්ෂණ නිෂ්පාදනයන් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට සහ අලෙවි කිරීමටත්, සිය ගනුදෙනුකරුවන් සමඟ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමටත් අවස්ථාව හිමිවන අතර සිය මෙහෙයුම් නීති රෙගුලාසිවලට අනුකූල වෙමින් කාර්යක්ෂමව සහ ආරක්ෂිතව සිදු කිරීමට හැකියාව ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT