Monday, May 5, 2025
Home » ගෝලීය දකුණේ ගැට­ලු­ව­ලට මුහුණ දීමට G77 සහ චීනයේ එක­මුතුව වැද­ගත්

ගෝලීය දකුණේ ගැට­ලු­ව­ලට මුහුණ දීමට G77 සහ චීනයේ එක­මුතුව වැද­ගත්

ජන­පති රනිල් උගන්ඩාවේ කම්පාලා නුව­රදී කියයි

by Gayan Abeykoon
January 22, 2024 1:30 am 0 comment

උග­න්ඩාවේ කම්පාලා නුවර පැවැ­ත්වෙන “G77 සහ චීනය” 3 වැනි දකුණු සමු­ළු­වට සහ­භාගි වීමට එහි ගොස් සිටින ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ­ලේ­කම් අන්තෝ­නියෝ ගුට­රේස් (António Guterres) මහතා අතර හමු­වක් ඊයේ (21) සිදු විය.

ගෝලීය දකුණේ ගැට­ලු­ව­ලට මුහුණ දීමට G77 + චීනය කණ්ඩා­යම තුළ එක­මු­තු­වක් ඇති කිරීම වැද­ගත් බව උග­න්ඩාවේ කම්පාලා නුවර පැවති G77 සහ චීනය කණ්ඩා­යමේ 3 වැනි දකුණේ සමු­ළුව අම­ත­මින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඊයේ (21) පැව­සීය.  

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ හදිසි අව­ශ්‍ය­තා­ව­යක් අන් කව­ර­දා­ටත් වඩා වර්ත­මා­නයේ මතුව තිබෙන බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අව­ධා­ර­ණය කළේය.  උග­න්ඩාවේ කම්පාලා නුව­රදී ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩා­යමේ 3 වැනි දකුණු සමු­ළු­වේදී (3rd South Summit of the Group of 77 & China) එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සාමා­ජි­ක­ත්වය දරන සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල විශා­ල­තම සන්ධා­නය ලෙස, ගෝලීය දකුණේ රට­ව­ලට සිය සාමූ­හික ආර්ථික අව­ශ්‍යතා ප්‍රකාශ කිරී­මට, ප්‍රව­ර්ධ­නය කිරී­මට මෙන්ම ගෝලීය දකුණේ රට­වල් අතර, අන්තර් සහ­යෝ­ගි­තා­වය ඇතු­ළුව එක්සත් ජාතීන්ගේ පද්ධ­තිය තුළ පව­තින ජාත්‍ය­න්තර ආර්ථික ගැටලු පිළි­බ­ඳව එක්ව සාකච්ඡා කිරීම වෙනු­වෙන් ඉඩ­කඩ සලසා දීම සිදු කෙරේ.

එහි සාමා­ජික රට­වල් 134 අතර වෙ‍ෙළ­ඳාම, ආයෝ­ජන, තිර­සාර සංව­ර්ධ­නය, දේශ­ගු­ණික විප­ර්යාස, දරි­ද්‍ර­තා­වය තුරන් කිරීම සහ ඩිජි­ටල් ආර්ථි­කය ඇතුළු ක්ෂේත්‍ර­යන්හි සහ­යෝ­ගි­තාව ඉහළ නැංවීම අර­මුණු කර­ග­නි­මින් ‘කිසි­වෙකු අත් නොහ­රිමු’ යන තේමාව යටතේ එහි 3 වැනි දකුණු සමු­ළුව කැඳවා තිබිණි.   G77 සහ චීනය සමු­ළුවේ සභා­පති ධුරය මෙතෙක් කියු­බානු ජන­ර­ජය මඟින් දැරූ අතර, මෙවර එය උගන්ඩා ජන­ර­ජය විසින් භාර ගනු ලැබීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමු­ළුව අම­ත­මින් මෙසේ ද කීය.   ‘3 වැනි දකුණේ සමු­ළුව සඳහා සත්කා­ර­ක­ත්වය දැක්වීම සහ G77 සහ චීනය කණ්ඩා­යමේ සභා­ප­තී­ත්වය භාර ගැනීම සම්බ­න්ධ­යෙන් උගන්ඩා ජනා­ධි­පති යොවේරි මුසෙ­වේනි මහ­තා­ටත්, උගන්ඩා රජ­ය­ටත් මාගේ සුබ පැතුම් පිරි­න­ම­නවා.

ඒ වගේම පසු­ගිය වසර තුළ G77 සහ චීනය කණ්ඩා­යම වෙනු­වෙන් ලබා දෙන ලද ඵල­දායී සහ ස්ථීර නාය­ක­ත්වය වෙනු­වෙන් මම කියු­බා­වට ද ස්තුති කිරී­මට කැම­තියි.කියු­බානු ජනා­ධි­පති මිගෙල් ඩියෙස්-කැනෙල් මහතා විසින් 2023 සැප්තැ­ම්බර් මාසයේ හවා­නා­හිදී ‘වත්මන් සංව­ර්ධන අභි­යෝග’ මැයෙන් කැඳවූ රාජ්‍ය නායක සමු­ළු­වට සහ­භාගි වීමට මෙන්ම හවානා ප්‍රකා­ශය සම්මත කර ගැනී­මට සහාය වීමට ලැබීම පිළි­බ­ඳව ද මම සතුටු වෙනවා.  අප G77 සහ චීනය කණ්ඩා­යම පිහි­ටු­වා­ගෙන වසර 60ක් සම්පූර්ණ වීම සම­රන මේ මොහොතේ, බහු­පා­ර්ශ්වික සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල විශා­ල­තම කණ්ඩා­යම ලෙස එක්සත්ව කට­යුතු කිරීම සහ අප මුහුණ දෙන බහු­විධ අභි­යෝග ජය ගැනී­මට ගෝලීය දකුණේ ස්ථාව­රය අඛ­ණ්ඩව ප්‍රකාශ කිරීම අත්‍ය­ව­ශ්‍යයි.

G77 සහ චීනය කණ්ඩා­යමේ ආර­ම්භක මූල­ධර්ම වන එක­මු­තු­කම, අනු­පූ­ර­ක­ත්වය, සහ­යෝ­ගි­තා­වය සහ තිර­සර ලෙස බාධක අවම කර ගැනී­මට යන සංකල්ප අපට එකට වැඩ කළ හැකි ස්ථිර පද­න­මක් සකස් කරනු ලබ­නවා.

අද අපි මෙහි හමු­වන්නේ ලෝකය අභි­යෝග රැස­කට මුහුණ දී සිටින අව­ස්ථා­ව­කයි. ගැටුම් උත්සන්න වීම, වසං­ග­තයේ ප්‍රති­වි­පාක, දේශ­ගු­ණය ආශ්‍රිත ස්වාභා­වික විපත් සහ ගෝලීය මූල්‍ය වෙ‍ෙළ­ඳ­පොළ වෙනස් වීම් මෙන්ම තවත් බොහෝ හේතු නිසා මෙම තත්ත්ව­යන් නිර­න්ත­ර­යෙන් වෙනස් වෙනවා. වර්ධ­නය වන මෙම තත්ත්ව­යන් G77 සාමා­ජික රට­වල අව­දා­න­මට ලක්විය හැකි ආර්ථි­ක­යන් කෙරෙහි අස­මාන අන්ද­මින් මෙන්ම අහි­ත­කර ලෙස ද බල­පානු ලබ­නවා.

එසේම ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ හදිසි අව­ශ්‍ය­තා­ව­යක් අන් කව­ර­දා­ටත් වඩා වර්ත­මා­නයේ මතුව තිබෙ­නවා. නූතන ජාත්‍ය­න්තර ණය විස­ඳුම් ආකෘ­තිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමා­ජය සහ ලන්ඩන් සමා­ජය විසින් ගෝලීය ණය විස­ඳුම් ආධි­ප­ත්‍යය දැරූ ලෝකය සඳ­හායි. අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේ­ෂ­යෙන් සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල ණය, පැරිස් සමා­ජයේ සාමා­ජි­ක­යින් නොවන ණය හිමි­යන් සහ ජාත්‍ය­න්තර බැඳු­ම්කර වෙ‍ෙළ­ඳ­පො­ළ­වල් විසින් පාල­නය කරනු ලබ­නවා.

පව­තින මූල්‍ය සම්පත් ණය සේවා­වක් ලෙස ලබා ගන්නා විට, අත්‍ය­වශ්‍ය පොදු සේවා සහ මානව සංව­ර්ධන ක්‍රියා­මාර්ග සඳහා අවශ්‍ය විය­දම් වෙනු­වෙන් මූල්‍ය පහ­සු­කම් සපයා ගැනී­මට අපට නොහැකි වන අතර, එය තිර­සර සංව­ර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බල­පානු ලබ­නවා.   පව­තින පොදු රාමුව ඉක්මන් ණය විස­ඳු­මක් ලබා දීමට ප්‍රමා­ණ­වත් වන්නේ නැහැ. මෙම රාමුව සහ යථා­ර්ථය අතර, පව­තින නොගැ­ළ­පීම නිසා මගේ රට ද ඇතු­ළුව අපගේ රට­වල් විශාල සංඛ්‍යා­වක මෑත කාලීන රාජ්‍ය ණය අර්බුද විසඳා ගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙ­නවා.   දේශ­ගු­ණික විප­ර්යා­ස­වල බල­පෑම් අවම කර ගැනී­මට සහ ඒවාට අනු­ව­ර්ත­නය වීම සඳහා ගෝලීය දකුණේ රට­වල අව­ශ්‍යතා සපු­රා­ලී­මේදී ගෝලීය මූල්‍ය සැලැස්මේ ප්‍රබල අසා­ර්ථ­ක­ත්ව­යක් දක්නට ලැබෙ­නවා. දේශ­ගු­ණික මූල්‍ය දාය­ක­ත්වය පිළි­බ­ඳව විවිධ ගෝලීය සංස­ද­ව­ලදී සඳ­හන් වී ඇති නමුත් මේවා ලබා ගත හැකි මූල්‍ය පහ­සු­කම් බවට පරි­ව­ර්ත­නය වී නැහැ.

ඩුබා­යිහි පැවති COP28 සමු­ළු­වේදී ශ්‍රී ලංකාව විසින් නිව­ර්තන කලා­පීය මුල­පි­රීම ඉදි­රි­පත් කළා. රාජ්‍ය මූල්‍ය­ක­ර­ණයේ ඌන­තා­වය සැල­කි­ල්ලට ගනි­මින්, ජෛව විවි­ධ­ත්වය මෙන්ම අපගේ සාගර සහ වන සම්පත් ඇතුළු ගෝලීය වශ­යෙන් පොදු සම්පත් පෝෂ­ණය කිරීම සඳහා පුද්ග­ලික ආයෝ­ජන උත්ප්‍රේ­ර­ණය කිරීම එම නිව­ර්තන කලා­පීය මුල­පි­රීම මඟින් අපේක්ෂා කෙරෙ­නවා.

අද වන විට, ගෝලීය වෙ‍ෙළඳ අනු­පි­ළි­වෙල තුළ, ආර්ථික වර්ධ­නය ඇති කිරීම සඳහා යොදා­ගන්නා සම්පත් ප්‍රමා­ණය අවම කිරී­මත් සම­ඟම පාරි­ස­රික හානිය අවම කිරීම මෙන්ම අව­දා­නම ඉවත් කිරීම පිළි­බඳ සංකල්ප සම­ඟින් ආර­ක්ෂ­ණ­වාදී ප්‍රව­ණ­තා­ව­යන්ගේ නැඟී­මක් අපට දක්නට ලැබෙ­නවා.

ගෝලීය වෙළෙඳ ව්‍යුහ­යන් තුළ ඒක­පා­ර්ශ්වීය පද­න­මක් මත එවැනි වෙනස් වීම් සිදු විය නොහැ­කියි. එවැනි නීති පිළි­බඳ තීරණ ගත යුත්තේ බහු­පා­ර්ශ්වික සංස­ද­වල මිස අග­න­ගර එකක හෝ දෙකක දී නොවෙයි.    අප ගෝලීය වෙ‍ෙළ­ඳාමේ සහ ආයෝ­ජ­නයේ පහසු බව මෙන්ම උප­රිම කාර්ය­ක්ෂ­ම­තාව ද සහ­තික කළ යුතුයි. G77 සංවි­ධා­නය මේ ක්‍රියා­ව­ලිය බ්‍රික්ස් සංවි­ධා­නයේ රට­වල් සමඟ සම්බ­න්ධී­ක­ර­ණය කළ යුතුයි. සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල ආර්ථි­ක­යන් මුහුණ දෙන තවත් අවා­සි­යක් වන්නේ රැකියා නිර්මා­ණය කිරී­මයි. තාක්ෂ­ණික වෙන­ස්කම් මඟින් නිෂ්පා­දන කුස­ලතා සහ ප්‍රාග්ධ­නය තීව්‍ර කර ඇති අතර, අඩු ශ්‍රම­යක් අන්ත­ර්ග්‍ර­හ­ණය කර ඇත යන ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ වච­න­ව­ලින් මෙය වඩාත් හොඳින් විස්තර කර තිබෙ­නවා.

එම නිසා, ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රති­සං­ස්ක­රණ වෙනු­වෙන් පෙනී සිටින අත­රම, G77 සහ චීනය කණ්ඩා­යම අපේ සාමා­ජික රට­ව­ලට, බල­ශක්ති පරි­ව­ර්ත­නය, ඩිජි­ටල් පරි­ව­ර්ත­නය, හරිත ආර්ථි­කය සහ නව ගෝලීය ආර්ථි­ක­යක් වෙනු­වෙන් පුහුණු ශ්‍රම බළ­කා­යක් නිර්මා­ණය කිරීම සඳහා සූදා­නම් වීමේ උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාව, G77 සහ චීනය කණ්ඩා­යමේ අනෙ­කුත් සාමා­ජි­ක­යින් සමඟ එක්වෙ­මින්, සාධා­රණ, නීති­ග­රුක සහ සමා­නා­ත්ම­තා­ව­යෙන් යුතු ලෝක­යක් වෙනු­වෙන් වන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා බහු­පා­ර්ශ්වි­ක­ත්වය තුළින් සාමූ­හික අව­ශ්‍යතා ප්‍රව­ර්ධ­නය ඉදි­රි­යට සිදු කර­ගෙන යාම වෙනු­වෙන් නව සභා­ප­ති­ත්ව­යට පත් යොවේරි මුසෙ­වේනි මහ­තාගේ දැක්ම සහ නාය­ක­ත්වය පිළි­බඳ අප විශ්වා­සය තබා සිටි­නවා.   උගන්ඩා නිල සංචා­රය තුළ දී උගන්ඩා ජනා­ධි­ප­ති­තුමා විසින් මම සහ මගේ දූත පිරිස වෙනු­වෙන් දැක්වූ මිත්‍ර­ශීලි ආග­න්තුක සත්කාර පිළි­බඳ ස්තුතිය පිරි­න­ම­මින් මගේ කතාව අව­සන් කර­නවා.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT