Home » සුම­න්ති­රන් පරදා විශිෂ්ට ජයක් ලැබූ ඉලං­ගෙයි තමිල් අරුසු කච්චි නව නාය­කයා ශ්‍රීධ­රන්

සුම­න්ති­රන් පරදා විශිෂ්ට ජයක් ලැබූ ඉලං­ගෙයි තමිල් අරුසු කච්චි නව නාය­කයා ශ්‍රීධ­රන්

by Gayan Abeykoon
January 22, 2024 1:25 am 0 comment

ත්‍රීමලේ-ඒ.ටී­.එම්. ගුණා­නන්ද

ලං­ගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නාය­කයා ලෙස යාප­නය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධ­රන් මහතා පත්ව තිබේ. පක්‍ෂයේ නව නාය­කයා තෝරා ගැනීම සඳහා ඊයේ (21) පෙර­ව­රුවේ ත්‍රිකු­ණා­ම­ලය නගර ශාලාවේ දී රහස් ඡන්ද­යක් පැවැති අතර, රහස් ඡන්දයේ අව­සන් ප්‍රති­ඵ­ලය ප්‍රකා­ශ­යට පත් කිරී­මත් සමඟ ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­රයා ඡන්ද 184ක් ලබා තිබෙන බවට පක්ෂ මූල­ස්ථා­නය නිවේ­ද­නය කළේය. 

ඒ මහ­තාට එරෙ­හිව තරග කළ පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්. ඒ. සුම­න්ති­රන් මහතා ඡන්ද 137ක් ලබා­ගෙන තිබෙන අතර, මේ අනුව පක්ෂයේ සභා­ප­ති­ව­රයා ලෙස සිව­ඥා­නම් ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­රයා තේරී පත් වූයේ වැඩි ඡන්ද 47ක් ලබා ගනි­මිනි. මෙම ඡන්ද විම­සීමේ දී පක්‍ෂයේ මහා සභා සාමා­ජි­ක­යින් 340 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ.  පක්ෂයේ නාය­ක­ත්වය සඳහා එම්. ඒ. සුම­න්ති­රන්, එස්. ශ්‍රීධ­රන් සහ එස්. යෝගේ­ෂ්ව­රන් යන පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් ඉදි­රි­පත්ව සිටි අතර, රහස් ඡන්ද­ය­කින් නව නාය­කයා තෝරා පත්කර ගැනීම සිදු විණි. හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සිනී­තම්බි යෝගේ­ස්ව­රන් ඡන්දය ප්‍රකාශ කිරී­මට සහ­භාගී නොවීය. මැති­ව­ර­ණ­යට පෙර පාර්ලි­මේන්තු මන්ත්‍රී සිව­ඥා­නම් ශ්‍රීධ­රන් මහ­තාට සහාය පළ කළ බව ප්‍රකාශ කළද ඔහුට කිසිදු ඡන්ද­යක් ලැබුණේ නැත. ලබන 28 වැනිදා පැවැ­ත්වෙන පක්ෂයේ ජාතික සමු­ළු­වේදී නව නාය­කයා නිල වශ­යෙන් සිය ධුරයේ වැඩ භාර ගන්නා බව පක්ෂයේ මහා ලේකම් පද්ම­නා­දන් සත්‍ය­ලිං­ගම් මහතා පැව­සීය.

එහිදී නාය­කයා ලෙස තේරී පත් වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී සිව­ඥා­නම් ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­රයා අද­හස් දක්ව­මින් දෙමළ ජන­තා­වගේ අභි­ලා­ෂ­යන් දිනා ගැනීම සඳහා සියලු දෙනා එක්වී ශක්ති­මත්ව සම­ඟිය ගොඩ­න­ඟන ලෙස ඉල්ලා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT