Monday, May 5, 2025
Home » කෝටි 162ක හෙරොයින් සමඟ ඈත දියඹේදී ඇල්ලූ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ රැඳවීමට නියෝග

කෝටි 162ක හෙරොයින් සමඟ ඈත දියඹේදී ඇල්ලූ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ රැඳවීමට නියෝග

by Gayan Abeykoon
January 22, 2024 1:30 am 0 comment

සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය වෙත රැගෙන ගිය අයුරු. ඡායාරූපය - වාසිත පටබැඳිගේ

 දෙවු­න්දර තුඩුවේ සිට නාවික සැත­පුම් 100ක් පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේ­ශයේ සිදු­කළ විශේෂ සෝදිසි මෙහෙ­යු­මක් මගින්  අත්අ­ඩං­ගු­වට ගත් රුපි­යල් මිලි­යන1626කට අධික වටි­නා­ක­ම­කින් යුත් හෙරො­යින් මත්ද්‍රව්‍ය කිලෝ­ග්‍රෑම් හැට පහ­කට (65) අධික තොග­යක් උර තුනක (03) ප්‍රවා­හ­නය කර­මින් සිටි සැක­ක­රු­වන් එකො­ළොස් දෙනා ලබන 26 තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය රඳවා තබන  ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(21) නියෝග කළේය.

මෙරට බහු­දින ධීවර යාත්‍රා­වක් සහ ඊට සහ­යවූ බවට සැක කෙරෙන තවත් බහු­දින ධීවර යාත්‍රා­වක් සමඟ සැක­ක­රු­වන් එකො­ළොස් දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රාත් වරයා මේ නියෝග සිදු කළේය. 11 වන සැක­කරු හෘද­යා­බාධ තත්ත්ව­යක් හේතු­වෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. අත්අ­ඩං­ගු­වට ගත් නදීකා සහ දිල්රූ යන බහු­දින ධීවර යාත්‍රා දෙක නියෝ­ග­යක් නිකුත් කරන තෙක් ගාල්ල නාවික හමුදා දක්ෂිණ ජැටියේ රඳවා තබන ලෙස ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ අණ­දෙන නිල­ධා­රී­ව­ර­යාට නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා යාත්‍රා දෙකෙහි සිටි මසුන් නීත්‍ය­නු­කූ­ලව විකුණා එහි මුදල් නඩු­වට බැර කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කළේය. සැක­ක­රු­වන්ගේ දුර­ක­ථන දත්ත වාර්තා කැඳ­වන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා 11 සැක­කරු පරීක්ෂා කර අද සුදුසු නියෝ­ග­යක් සිදු කරන බව දන්වා සිටි­යේය. මෙම මෙහෙ­යුම මඟින් අත්අ­ඩං­ගු­වට ගත් සැක­රු­වන් වයස අවු­රුදු 28ත් 52ත් අත‍ර වන මාතර, ගන්දර සහ දෙවු­න්දර යන ප්‍රදේ­ශ­යන්හි පදිං­චි­ක­රුවෝ වෙති.

සුභා­ෂිණී සේනා­නා­යක, ගයාන් කුමාර වීර­සිංහ, රක්ෂණ ශ්රියන්ත, දකුණු පළාත් සංචා­රක –  එස්. දීය­­හගේ, හිනි­ඳුමරවින්ද් ලිය­නගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT