Wednesday, May 7, 2025
Home » කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංග­මය ඇමැ­තී­මට විදේශ ඇමැති අලි සබ්රිට ඇරි­යුම්

කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංග­මය ඇමැ­තී­මට විදේශ ඇමැති අලි සබ්රිට ඇරි­යුම්

by Gayan Abeykoon
January 22, 2024 1:24 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

කීර්ති­මත් කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ල­යීය ශිෂ්‍ය සංග­මය ඇම­තීම සඳහා විදේශ කට­යුතු ඇමැති අලි සබ්රි මහ­තාට ඇරි­යුම් කර තිබේ. 

ඒ අනුව හෙට (23) දින පැවැ­ත්වෙන සිය දේශ­නයේ දී ආර්ථික ප්‍රති­සා­ධ­නය උදෙසා ශ්‍රී ලංකාව ගමන් ගන්නා මාර්ගය සම්බ­න්ධ­යෙන් ඇමැති අලි සබ්රි මහතා අද­හස් දක්වන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.  1815 වසරේ දී ආරම්භ කරනු ලැබූ එක්සත් රාජ­ධා­නියේ කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ල­යීය ශිෂ්‍ය සංග­මය ලොව පැරැ­ණි­තම විවාද සමා­ජය වන අතර, බල­පෑම් කළ හැකි කථි­ක­යන්ට ඇර­යුම් කිරීම සම්බ­න්ධ­යෙන් හා බුද්ධි­මය සංවාද දිරි­මත් කිරීම සම්බ­න්ධ­යෙන් එය ඓති­හා­සික වශ­යෙන් ප්‍රසි­ද්ධි­යට පත් වී තිබේ. කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ල­යීය ශිෂ්‍ය සංග­මය ඇම­තීම පිණිස මීට පෙර ආරා­ධනා ලැබූ කථි­ක­යන් අතර, වින්ස්ටන් චර්චිල්, තිය­ඩෝර් රූස්වෙල්ට්, බිල් ගේට්ස් සහ ස්ටීවන් හෝකින් වැනි ප්‍රකට පුද්ග­ලයෝ වෙති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT