කීර්තිමත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතාට ඇරියුම් කර තිබේ.
ඒ අනුව හෙට (23) දින පැවැත්වෙන සිය දේශනයේ දී ආර්ථික ප්‍රතිසාධනය උදෙසා ශ්‍රී ලංකාව ගමන් ගන්නා මාර්ගය සම්බන්ධයෙන් ඇමැති අලි සබ්රි මහතා අදහස් දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 1815 වසරේ දී ආරම්භ කරනු ලැබූ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ලොව පැරැණිතම විවාද සමාජය වන අතර, බලපෑම් කළ හැකි කථිකයන්ට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් හා බුද්ධිමය සංවාද දිරිමත් කිරීම සම්බන්ධයෙන් එය ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් වී තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීම පිණිස මීට පෙර ආරාධනා ලැබූ කථිකයන් අතර, වින්ස්ටන් චර්චිල්, තියඩෝර් රූස්වෙල්ට්, බිල් ගේට්ස් සහ ස්ටීවන් හෝකින් වැනි ප්‍රකට පුද්ගලයෝ වෙති.