Home » වරමක් නිසා හතරක් පොලිසියට කොටුවෙයි

වරමක් නිසා හතරක් පොලිසියට කොටුවෙයි

by yasara
January 22, 2024 9:03 am 0 comment

වරමකින් කියූ බව කියන මැණික් කළයක් නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙක් ඇතුළු සිව් දෙනකු කිරිවත්තුඩුව කැන්ද- කැටියවත්ත ප්‍රදේශයේදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තරුණ යුවළක්, එම කාන්තාවගේ සහෝදරයා  සහ පිටස්තර පුද්ගලයෙක් වන බව පොලිසිය සඳහන් කරයි

සැකකරුවන් සහ සැකකාරියන් සමඟ පූජා භාණ්ඩ, වතුර මෝටරයක් උදලු, සවල් ,යකඩ මිටි ආදි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත

කිරිවත්තුඩුව කැන්ද කැටියවත්ත ප්‍රදේශයේ වෙලක් ආසන්නයේ නිවසක් ඉදිරිපිට  ඉතා රහසිගතව ලෙස පිරිසක් කැණීම් කරන බවට පොලිසියට ලද  තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉසුරු වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානය වටලා  සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

පොලිසිය එම ස්ථානය අවස්ථාව වන විට ට ගැඹුරින් අඩි අටක් සහ පළලින් අඩි හයක් පමණ වූ කැණීමක් කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි

ළිඳක් කපන බව   පවසා පොලිසිය නොමඟ යැවීමට උත්සාහ දැරුවද ඒ අසන්නේම ළිඳක් තිබෙන බවට  පොලිසිය පෙන්වාදීමත් අනතුරුව සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ වරමකින් කියන ලද මැණික් කළය සොයා කැණීම් කළ බවය

වයස අවුරුදු 19 සහ 45 අතර පසුවන සැකකරුවන් සහ සැකකාරියන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT