Home » බෙලිඅත්තේ වෙඩි තැබීමකින් 05 ක් මරුට

බෙලිඅත්තේ වෙඩි තැබීමකින් 05 ක් මරුට

by yasara
January 22, 2024 9:51 am 0 comment

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින්  පස් දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT