Home » කරාපිටිය පිළිකා අංශයේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප

කරාපිටිය පිළිකා අංශයේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප

by yasara
January 22, 2024 1:24 pm 0 comment

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අද (22) ඇප මත මුදාහැර තිබේ.

කනිෂ්ඨ සේවිකාවකට පහරදුන් බවට වූ චෝදනා මත කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටය.

කෙසේ වෙතත් ඇතිවූ හෘදයාබාධයක් මත වෛද්‍යවරයාට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට අධිකරණය අවසර ලබා දුන් අතර අද ඔහු නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

මේ අතර රෝහලේ ඇතිවූ නොසන්සුන්තාවට අදාළව කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයින් දෙදෙනෙකු සහ සේවිකාවකද ගාල්ල පොලීසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගනුලැබූ අතර  ඔවුන් ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT