Home » තායි­වා­නයේ නව ජන­ප­තිට ජපා­නය සුබ ­පැ­තීම චීනය හෙළා දකී

තායි­වා­නයේ නව ජන­ප­තිට ජපා­නය සුබ ­පැ­තීම චීනය හෙළා දකී

by Gayan Abeykoon
January 22, 2024 1:28 am 0 comment

තායි­වා­නයේ  නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස චීන විරෝධී විලි­යම් ලායි තේරී පත්වීම සම්බ­න්ධව ජපා­නය  සුබ­ පැ­තීම චීනය හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජපාන විදේශ ඇමැති  යෝකෝ කමි­කාවා මේ සුබ ­පැ­තුම් පණි­වු­ඩය තායි­වා­නයේ නව ජනා­ධි­ප­ති­ව­රයාට යොමු කර ඇති  අතර, එම සිදු­වීම හෙළා දකින බව ජපා­නයේ චීන තානා­පති කාර්යා­ලය ප්‍රකාශ කර  ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අති­ශ­යින්ම තීර­ණා­ත්මක  හවු­ල්ක­රු­වකු සහ වැද­ගත් මිතු­රකු ලෙස ජපාන විදේශ ඇමැ­ති­ව­රයා තායි­වා­නයේ නව  ජනා­ධි­ප­ති­ව­රයා හඳුන්වා දීම පිළි­බඳ සිය විරෝ­ධ­තාව ප්‍රකාශ කරන බවත්, එය චීනයේ  අභ්‍ය­න්තර කට­යු­තු­ව­ලට බර­ප­තළ මැදි­හ­ත්වී­මක් බවත් ජපා­නයේ චීන තානා­පති සිය නිල  වෙඩ් අඩ­වියේ සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. චීනය සමඟ රාජ්‍ය­තා­න්ත්‍රික  සබ­ඳතා පවත්වා ගන්නා රට­ව­ලට තායි­වා­නය සමඟ නිල වශ­යෙන් රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා  පවත්වා නොගැ­නීම පූර්ව කොන්දේ­සි­යක් බවට පත් කර ඇති අතර, චිනය සමඟ  රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ඇති සෙසු රට­වල් මෙන්ම ජපා­නය ද එම කොන්දේ­සි­යට අනුව  තායි­වා­නය සමඟ නිල සම්බ­න්ධතා නොප­ව­ත්වන බැවින් එරට නව ජනා­ධි­ප­ති­ව­ර­යාට සුබ  පැතීම  එම කොන්දේසි කඩ කිරී­මක් බවත් ජපා­නයේ චීන තානා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත්  සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT