Home » සිරි­යාවේ අග­නු­ව­රට එල්ල වූ මිස­යිල ප්‍රහා­ර­ය­කින් ඉරාන හමුදා උප­දේ­ශ­ක­යෝ 5ක් මරුට

සිරි­යාවේ අග­නු­ව­රට එල්ල වූ මිස­යිල ප්‍රහා­ර­ය­කින් ඉරාන හමුදා උප­දේ­ශ­ක­යෝ 5ක් මරුට

දරුණු ප්‍රති­චාර දක්වන බවට ඉරාන ජනා­ධි­පති අන­තුරු අඟ­වයි

by Gayan Abeykoon
January 22, 2024 1:30 am 0 comment

 සිරි­යාවේ  ඩම­ස්කස් අග­නු­ව­රට එල්ල වූ ඊශ්‍රා­යල මිස­යිල ප්‍රහා­ර­ය­කින් ඉරාන හමුදා  උප­දේ­ශ­ක­යන් පස්දෙ­නකු ඇතුළු සිරි­යානු හමු­දාවේ නිල­ධා­රීන් පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට  පත් වී ඇතැයි ඉරාන විප්ල­ව­වාදී හමු­දාව ප්‍රකාශ කර ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය පිරිස අතර ඉරා­නයේ ඉහ­ළම මට්ටමේ බුද්ධි අංශ  ප්‍රධා­නි­යකු ද සිටින බව වාර්තා වේ.

පසු­ගිය සෙන­සු­රාදා එල්ල වූ මේ  ප්‍රහා­ර­යෙන් ගොඩ­නැ­ගිලි සහ වාහන රැසක් ද විනාශ වී ඇතැයි වාර්තා වේ. පිපිරී  කඩා වැටුණු ගොඩ­නැ­ගිලි අත­රට යට වූ හමුදා නිල­ධා­රීන් සෙවීමේ මෙහෙ­යු­මක් ද  ක්‍රියා­ත්මක කර ඇති අතර, මිස­යිල ප්‍රහා­රය පිළි­බඳ ඊශ්‍රා­ය­ලය මෙතෙක් කිසිදු  ප්‍රකා­ශ­යක් නිකුත් කර නැතැයි ද වාර්තා වේ. කෙසේ වුවද සිය හමුදා උප­දේ­ශ­ක­යන්  ඝාත­න­යට ලක් වූයේ ඊශ්‍රා­යල මිස­යිල ප්‍රහා­ර­ය­කින් බවත්, ඊට වග­කිව යුතු  පාර්ශ්ව­යට කඩි­න­මින් ප්‍රති­චාර දක්වන බවත් ඉරාන ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිසි  අන­තුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරාන හමු­දාවේ  උප­දේ­ශ­ක­යන් රැඳී සිටි ගොඩ­නැ­ගිල්ල ඉලක්ක කර­මින් මිස­යිල ප්‍රහාර 4ක් එල්ල වී  ඇතැයි ද, මහල් හත­ර­කින් සම­න්විත එම ගොඩ­නැ­ගිල්ල මුළු­ම­නින්ම විනාශ වී ඇතැයි ද  විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT