Home » රොන් ඩිසැන්ටිස් අමෙරිකා ජනපති සටනින් ඉවතට

රොන් ඩිසැන්ටිස් අමෙරිකා ජනපති සටනින් ඉවතට

by chanaka
January 22, 2024 1:56 pm 0 comment

අමෙරිකා ජනපති සටනින් ඉවත්වීමට ජනපති අපේක්ෂක රොන් ඩිසැන්ටිස් තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් 2024 ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

ඔහු නිව් හැම්ප්ෂයර් හි රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණයට පෙර ඉවත් වීමද විශේෂත්වයකි.

ඩිසැන්ටිස් රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල තරඟකරුවෙකු ලෙස සලකනු ලැබීය. කෙසේ වෙතත් ඊයේ ඔහු කියා සිටියේ ජයග්‍රහණය සඳහා පැහැදිලි මාවතක් නොමැති බවයි.

මේ අතර ට්‍රම්ප්ගේ පක්ෂයේ ඉතිරිව සිටින අවසන් අභියෝගකාරිය වන නිකී හේලි පැවසුවේ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් පරාජය කළ හැකි එකම අපේක්ෂකයා ඇය බවයි.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT