Home » රෝහල් සේව­කයෝ දෙදෙනා – සේවි­කාව 29 තෙක් රිමාන්ඩ්
කරා­පි­ටිය විශේෂඥ වෛද්‍ය­ව­ර­යාට පහරදීම

රෝහල් සේව­කයෝ දෙදෙනා – සේවි­කාව 29 තෙක් රිමාන්ඩ්

by Gayan Abeykoon
January 22, 2024 1:23 am 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ, හිනි­දුම රවි­න්ද්ර­ ලි­ය­නගේ, කරාපිටිය - එස්. ලොකුකරවිට

රා­පි­ටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවේ විශේ­ෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහ­තාට පහර දීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරන ලද එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යින් දෙදෙනා සහ සේවි­කාව මේ මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර එදි­නට හඳුනා ගැනීමේ පෙරෙ­ට්ටු­ව­කට ඉදි­රි­පත් කිරී­මට ගාල්ල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් මහි­නාථ දහ­නා­යක මහතා ඊයේ ( 21 ) සවස නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලද්දේ ගාල්ල කොට්ට­ව­ගම පදිංචි අනෝමා නිලන්ති සුබ­සිංහ, අකු­රැස්ස දිය­ලපේ පදිංචි සුජී­වන් විජේ­සිංහ සහ පෝද්දල පදිංචි ප්‍රදීප් ලාල් ජාගොඩ යන සෞඛ්‍ය කාර්ය සහා­ය­ක­යින් තිදෙනා වෙති.

පසු­ගිය 16 වන දින පැවති වැඩ වර්ජ­න­යට පිළිකා වාට්ටුවේ සේව­ක­යින් සහ­භාගි නොවන බවට ප්‍රකාශ කර ඇතත් කරා­පි­ටිය රෝහලේ පිළිකා වාට්ටුවේ කනිෂ්ඨ සේව­ක­යින් වර්ජ­න­යට සහ­භාගි වීම සම්බ­න්ධ­යෙන් පසු දින වෛද්‍ය­ව­රයා සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලය අතර ඇතිවූ ආර­වු­ල­කදී කනිෂ්ඨ සේව­ක­යින් විසින් තමාට පහර දුන් බවට වෛද්‍ය­ව­රයා විසින් කර තිබූ පැමි­ණි­ල්ලක් අනුව මෙම සැක­ක­රු­වන් දෙදෙනා සහ සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මේ අතර කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යෙ­කුට සහ සේවි­කා­ව­කට එදින පහර දීමේ චෝද­නාව යටතේ පසු­ගිය 18 වන දින අත්අ­ඩං­ගු­වට ගන්නා ලද වෛද්‍ය­ව­රයා අද ( 22 ) දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත. අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­ක­රු­වන් සහ සැක­කා­රිය වැඩ­බ­ලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කර­මින් පොලි­සිය කියා සිටියේ පරී­ක්ෂණ තව­මත් අව­සන් නොමැති අතර, තමාට පහර දුන් සැක­ක­රු­වන් නැවත දුටු­වොත් හඳුනා ගත හැකි බවට වෛද්‍ය­ව­රයා සහ සාක්කි­ක­රු­වන් ප්‍රකාශ ලබා දී ඇති බවය. ඒ අනුව සැක­ක­රු­වන් සහ සැක­කා­රිය හඳුනා ගැනීමේ පෙරෙ­ට්ටු­ව­කට ඉදි­රි­පත් කරන ලෙසද පොලි­සිය ඉල්ලා සිටි­යේය. ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් වැඩ­බ­ලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­ක­රු­වන් සහ සැක­කා­රිය එදි­නට හඳුනා ගැනීමේ පෙරෙ­ට්ටු­ව­කට ඉදි­රි­පත් කිරී­ම­ටද නියෝග කළේය. ගාල්ල පොලි­සියේ විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලලිත් සිල්වා මහ­තාගේ උප­දෙස් පරිදි උප පොලිස් පරී­ක්ෂක විදුර මහතා සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය. සැක­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ පූර්ණිකා රාජ­පක්ෂ මහ­ත්මිය පෙනී සිටි­යාය.

මේ අතර ගාල්ල කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළි­බද විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහ­තාට තර්ජ­නය කොට පහ­ර­දි­මට තැත්කි­රිමේ සිද්ධිය හා විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය­ව­රයා විසින් කනිෂ්ඨ කාර්ය­ම­ණ්ඩ­ලයේ සේවි­කා­ව­කට හා සේව­ක­යෙ­කුට පහ­ර­දුන් බව කියන සිද්ධිය සම්බ­න්ද­යෙන් මේ වන­වි­ටත් සෞඛ්‍ය අමා­ත්‍යං­ශය මගින් පරි­ක්ෂ­ණ­යක් ආර­ම්භ­කොට ඇති බව කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතා සද­හන් කරයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT