Home » දිනුර-මල්ෂ යොවුන් පිල දින­වති
ලෝක කුස­ලාන ක්‍රිකට්

දිනුර-මල්ෂ යොවුන් පිල දින­වති

by Gayan Abeykoon
January 22, 2024 1:28 am 0 comment

දිනුර කලු­ප­හන

දිනුර කලු­ප­හ­නගේ අර්ධ ශත­ක­යත්, මල්ෂ තරු­ප­තිගේ දක්ෂ පන්දු යැවී­මත් හේතු­වෙන් දකුණු අප්‍රි­කාවේ පැවැ­ත්වෙන අවු­රුදු 19න් පහළ ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ සහ­භා­ගි වූ පළමු තර­ග­යෙන් සිම්බාබ්වේ පිලට එරෙ­හිව ඩක්ව­රත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 39ක ජයක් හිමි කර ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

තර­ගා­ව­ලියේ තෙවැනි දිනය වූ ඊයේ කිම්බ­ර්ලි­හිදී පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 48.3කදී ලකුණු 204ක් රැස් කළ අතර,

මල්ෂ තරුපති

මල්ෂ තරුපති

සිම්බාබ්වේ පිළි­තුරු ඉනි­මට වර්ෂා­වෙන් බාධා වන විට ඔවුන් ඕවර 13.2කදී කඩුලු 3කට ලකුණු 30ක් රැස් කර තිබිණි. යළි තර­ගය ආරම්භ වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සිම්බාබ්වේ පිලට ඕවර 22කදී ලකුණු 129ක ඉල­ක්ක­යක් සම­ඟිනි. එම ඉල­ක්කය හඹා ගිය ඔවුන්ට ඕවර 21.1කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 89ක් පමණි.

නායක මැතිව් ෂොන්කන් ලකුණු 27ක් රැස් කර­මින් සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, දක්ෂ පන්දු යැවී­මක නිරත වූ මල්ෂ තරු­පති කඩුලු 4ක් දවා ගත්තේය. ඔහුට අනගි සහා­යක් දුන් විශ්ව ළහිරු සහ රවි­ෂාන් පෙරේරා කඩුලු 2 බැගින්ද, දිනුර කලු­ප­හන සහ ගරුක සංකේත් කඩුල්ල බැගින් ද දවා ගත්හ.

පළ­මුව පන්දු­වට පහර දීමට පිටි­යට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ මුල් කඩුලු 3 ලකුණු 12ක් තුළ දවා ගැනී­මට සිම්බාබ්වේ පන්දු යව­න්නන් සමත්වූ අතර, අංක 6 පිති­කරු දිනුර කලු­ප­හන අර්ධ ශත­ක­යක් රැස් කර­මින් ඉනිම පිළි­ස­කර කළේය.

ඔහුට පෙර රවි­ෂාන් ද සිල්වා (31) සහ රුසඳ ගමගේ (31) ලකුණු 54ක සබ­ඳ­තා­වක් පිහි­ටු­වී­මට සමත් වූහ. කෙසේ වෙතත් මුළු ලකුණු 88ක් වෙද්දී ඔවුන් දෙදෙනා දැවී ගිය අතර, දිනුර සමඟ එක්වූ සාරු­ජන් ෂන්මු­ග­නා­දන් 6 වැනි කඩු­ල්ලට පන්දු 72කින් ලකුණු 80ක සබ­ඳ­තා­වක් පිහි­ටු­වී­මට සමත් විය. පන්දු 55කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 60ක් රැස් කළ දිනුර දැවී යෑමෙන් එම සබ­ඳ­තාව නිමා වූ අතර, ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටි සාරු­ජන් නොදැවී ලකුණු 41ක් රැස් කළේ හතරේ පහර 3ක් සමඟ පන්දු 40කිනි.

පන්දු යැවී­මේදී කෝල් එක්ස්ටීන් කඩුලු 3ක් බිඳ දැමූ අතර, මැතිව් ෂොන්කන් සහ නිව්මන් නය­ම්හුරි කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඊයේ පැවති අනෙක් තර­ග­යේදී නේපාල කණ්ඩා­ය­මට එරෙ­හිව ලකුණු 64ක ජයක් හිමි කර ගැනී­මට නව­සී­ල­න්තය සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ­භාගී වන දෙවැනි තර­ගය 24 වැනිදා නැමී­බි­යා­වට එරෙ­හිව පැවැත්වේ.

මේ අතර තර­ගා­ව­ලිය දෙවැනි දිනය වූ පෙරේදා (20) පැවති තර­ග­ව­ලින් ජය­ග්‍ර­හණ අත්කර ගැනී­මට ඉන්දි­යාව, එංග­ල­න්තය සහ පාකි­ස්තා­නය සමත් විය.

වත්මන් ශූර ඉන්දි­යාව බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව ලකුණු 84ක ජයක් වාර්තා කළ අතර, එංග­ල­න්තය හමුවේ ස්කොට්ල­න්තය කඩුලු 7කින් පරා­ජ­යට පත්විය. පාකි­ස්තා­නය ලකුණු 181ක දැවැන්ත ජයක් වාර්තා කළේ ඇෆ්ග­නි­ස්තා­න­යට එරෙ­හි­වය. අද තර­ගා­ව­ලියේ සිවු­වැනි දිනය යටතේ බංග්ලා­දේශ-අය­ර්ල­න්තය සහ ඔස්ට්‍රේ­ලියා-නැමී­බියා තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් පිල – 204 (ඕවර 48.3) දිනුර කලු­ප­හන 60, සාරු­ජන් ෂන්මු­ග­නා­දන් නොදැවී 41, රවි­ෂාන් ද සිල්වා 31, රුසඳ ගමගේ 31 (කෝල් එක්ස්ටීන් 40/3, මැතිව් ෂොන්කන් 36/2, නිව්මන් නය­ම්හුරි 50/2)

සිම්බාබ්වේ – 89 (ඕවර 21.1) (මල්ෂ තරු­පති 17/4, රුවි­ෂාන් පෙරේරා 2/2, විශ්ව ළහිරු 12/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT