Home » විවා­හ වී පැය 24කටත් පෙර මලි­ක්ගෙන් නව වාර්තා­වක්

විවා­හ වී පැය 24කටත් පෙර මලි­ක්ගෙන් නව වාර්තා­වක්

by Gayan Abeykoon
January 22, 2024 1:23 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර
ෂොයිබ් මලික් - සානා ජාවෙඩ් නව යුවළ

ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්ෂා­ගෙන් දික්ක­සාද වී නව විවාහ දිවි­ය­කට පිවිස පැය 24ක් යන්නට මත්තෙන් පාකි­ස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ නව වාර්තා­වක් පිහි­ටු­වයි.

41 හැවි­රිදි ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසි­යානු ක්‍රීඩ­කයා බවට පත් වූ අතර, ලෝක ක්‍රිකට් පිටියේ දෙවැ­නියා බවට පත් විය. මලික් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩා­වෙන් විශ්‍රාම ගොස් ඇති නමුත් විස්සයි20 ආකෘ­තියේ දිග­ටම ක්‍රීඩා කර­මින් ඉදිරි

සානියා මිර්සා

සානියා මිර්සා

ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය අපේ­ක්ෂා­වෙන් සිටී. මලික්ට ඉදි­රි­යෙන් කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් විස්සයි20 ක්‍රිකට් පිටියේ ලොව වැඩිම ලකුණු (14,562) ලබා ඇත. ෂොයිබ් මලික් බංග්ලා­දේශ ප්‍රිමි­යර් ලීග් ‍ තර­ගා­ව­ලියේ ෆෝචූන් බැරි­ෂාල් කණ්ඩා­ය­මට ක්‍රීඩා කර­මින් සිටින අතර, එම තර­ග­ය­කදී විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 13,000 පසු කළේය.

ෂොයිබ් මලික් ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා 37 හැවි­රිදි සානියා මිර්සා­ගෙන් දික්ක­සාද වී පාකි­ස්තාන නිළි සානා ජාවෙඩ් සමඟ දෙවැනි වරට විවාහ ගිවිස ගත්තේය. ෂොයිබ්ගේ පස් හැවි­රිදි දරුවා ඉසාන් මේ වන විට සානියා මිර්සා සමඟ ජීවත් වේ. ෂොයිබ් – සානියා 2010 අප්‍රේල් මාස­යේදී හයි­ද්‍රා­බා­ද්හිදී විවාහ වී කලක් ජීවත් වූයේ ඩුබා­යි­හි­ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT