Home » විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

by chanaka
January 24, 2024 8:45 am 0 comment

විරෝධතාකරුවන් පිරිසක් අද(24) වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය අවහිර කරමින් පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව අවහිර කරමින් සහ පාර්ලිමේන්තුවට පිවිසිය නොහැකි ලෙස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර ඇත.

ඒ අනුව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර හා සහභාගීවන තවත් විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධාන කර තිබෙන විරෝධතාවයකට අදාළව මෙලෙස අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මාර්ගය භාවිත කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර වන සේ කිසිදු මාර්ගයක් හරස් කර හෝ ප්‍රචණ්ඩක්‍රියා නොකිරීමටත්, මහජන නියොජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා බාධාවක් සිදුවන අයුරින් හෝ කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අයුරින් අදාළ උද්ඝෝෂණය සිදුකිරීමට වගබලාගත යුතු බව අධිකරණය දැනුම්දී තිබේ.

එසේ වගකීම භාරගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය වගඋත්තරකරුවන් විසින් නොපමාව විසුරුවා හැරිය යුතු බව ද අධිකරණය නියෝග කර ඇත.

මෙම අණ කඩ කළොහොත් සාමය රකිනු සඳහා ශ්‍රී ලංකා පොලීසිය වහාම පියවර ගත යුතු බව ද අධිකරණය දැනුම්දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT