Tuesday, May 6, 2025
Home » හිමිනමගේ ඝාතකයෝ සිය මෝටර් රථයටද ගිනි තබා පලායති

හිමිනමගේ ඝාතකයෝ සිය මෝටර් රථයටද ගිනි තබා පලායති

by chanaka
January 24, 2024 8:31 am 0 comment

කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැළෑවක ගිනිගනිමින් තිබියදී සොයාගත් මෝටර් රථය ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී භික්ෂූන්වහන්සේ නමක් ඝාතනයට යොදාගත් රිය බව පොලිසිය පවසයි.

සොයා ගන්නා විටත් එම මෝටර් රථය හඳුනාගත නොහැකි ලෙසට ගිනිබවත්ව තිබු බවත්, හිමිනම ඝාතනය කර පලාගිය මෝටර් රියේ අංකයම (CAO-5345) සහිත වෙනත් රියක් පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයකින් ද හමුවු බවත් පොලිසිය පවසයි.

ඊයේ(23) දහවල් මෝටර් රථයකින් විහාරස්ථාන භූමියට ඇතුල් වූ සැකකරුවන් සිව්දෙනෙකු මෝටර් රථය නවත්වා ආවාස ගෙය තුළට පිවිස ජොතීර්වේදය සම්බන්ධයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන්න විමසා තිබේ. සැකකරුවන් විසින් තමන් CID නිලධාරීන් බව පවසා මෙම වෙඩි තැබීම සිදුකර පළාගිය බව එම විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කර තිබුණි.

වෙඩි වැදීමෙන් අපවත් වුණේ පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT