දඩකොළ පෙබ. 1දා සිට
කොළඹ අවට මාර්ගවල CCTV කැමරා මඟින් රථ වාහන වැරදි නිරීක්ෂණය කළ පෙරේදා (22) පමණක් රථ වාහන වැරදි 125කට අවවාද කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. CCTV කැමරා මඟින් රථ වාහන වැරදි නිරීක්ෂණය කර රථ වාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය පෙරේදා (22) දින ආරම්භ කෙරිණ.
එම දිනය තුළ කොළඹ අවට CCTV මඟින් නිරීක්ෂණ කරන ලද රථ වාහන වැරදි 125ක් හඳුනාගෙන එම වාහනවල හිමිකරුවන් වෙත මූලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය පවසයි. මෙහිදී හඳුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වැරදි නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පැය 24 පුරාම ක්‍රියාත්මක වන සේවයක් ලෙස කොළඹ නගරය තුළ රථ වාහන නීති උල්ලංඝනය CCTV තුළින් නිරීක්ෂණය සිදුකරනු ලබයි.
සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් ලබා ගන්නා රථ වාහන වැරැදිවලට අදාළ රියැදුරන්ට සතියක කාලයක් අවවාද කිරීමට කටයුතු කරන අතර පෙබරවාරි මස 01 දින සිට දඩ පත්‍රිකා නිකුත් කිරීම සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.
රක්ෂණ ශ්‍රියන්ත