කල්පිටිය අර්ධද්වීපයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට පසු ගිය දා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එක්වීය. එහිදී ඉලන්තඩිය දෙලුම් වගා බිමක්, උඩ පහත දෙරට එළවළු වගාබිම් ආණ්ඩුකාරතුමාගේ අවධානයට ලක්විය.
ගොවීන්ගේ පොදු ගැටලු හඳුනාගෙන ඒවා සඳහා කඩිනම් විසඳුම් ලබා දීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණක් විය.
කල්පිටියේ ප්‍රධානතම වාණිජ භෝගයක් වූ රතු ලුනු වගාව සඳහා යොදා ගන්නා රතු ලුනු බීජ ගබඩාවක් පාලකුඩාවේ දී විවෘත කිරීම ද, ආණ්ඩුකාරවරයා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්, වයඹ ප්‍රධාන ලේකම් රන්ජිත් ආරියරත්න, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් චන්දන දිසානායක ඇතුළු නිලධාරීන් රැසක්ම සහභාගී වූහ.
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා