Home » අපරාධ 20ක සැකකරුවකු ඇඟිලි සලකුණු ඹස්සේ 

අපරාධ 20ක සැකකරුවකු ඇඟිලි සලකුණු ඹස්සේ 

by sachintha
January 24, 2024 3:41 am 0 comment

13 වසරකට පසු මාට්ටු

 

පොලිස් වසම් තුනක සොරකම් අපරාධ 20කට සම්බන්ධව සිටි පුද්ගලයකු යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මොරන්තුඩුව කෝපියාවත්ත ප්‍රදේශයේදී වසර 13කට පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව පොලිසිය සඳහන් කරයි.

නිවාස බිඳුම් ඇතුළු සොරකම් 56ක් සිදු කර තිබූ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැරැද්ද භාර ගැනීමෙන් අනතුරුව වසර හතක කාලයක් සිරදඬුවම් විඳ මීට මාසයකට පමණ ඉහතදී නිදහස්ව පැමිණි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

2010 හා 2014 සිව් වසර තුළ කහතුඩුව පොලිස් වසමේ සිදු කළ සොරකම් අපරාධ 15ක් මොරගහහේන පොලිස් වසමේ සිදු කළ සොරකම් අපරාධ 4ක් බණ්ඩාරගම පොලිස් වසමේ සිදු කළ සොරකමක් අපරාධ ස්ථානයේ සටහන්ව තිබූ ඇඟිලි සටහන් ,සැකකරුගේ ඇඟිලි සටහන් හා සැසඳී ඇති බවට අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් ලේඛනාගාරයෙන් ලබා දුන් තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

43 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශෂික මධුසංක මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT