නිෙවස ඉදිරිපිට ගරාජයේ ගාල් කර තිබූ ට්රැක්ටරයේ අමතර කොටස් 22 දා රාත්රී කාලයේදී සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි බෝයවලාන පොලිසිය කියයි.
බෝයවලාන පොලිස් වසමට අයත් මාඔය මිටියාවතේ පිහිටි ගම්මානයක් වන ගල්දෙණිය ග්රාම නිලධාරී වසමට අයත් අතර ප්රදේශයේ තරුණයකුට අයත් ටැෆේ (TAFE) වර්ගයට අයත් එම ට්රැක්ටරය මීට වසරකට පමණ පෙර අලුතින් මිළදීගෙන තිබූ අතර, පසුගිය යල සහ මහ කන්නයේ කුඹුරු සී සෑමෙන් අනතුරුව පවිත්ර කර ඔහුගේ නිවෙස ඉදිරිපිට ගරාජයේ ගාල් කර තිබී ඇත.
ට්රැක්ටරය සමඟ එම තරුණයාට අයත් ටිපර් රථය ද ගරාජය තුළ නවතා තිබී ඇති අතර එහි අමතර කොටස්වලට හෝ ටිපර් රථයට කිසිදු හානියක් සිදු කර නොමැති බව පොලීසිය කියයි.
ට්රැක්ටරයේ අමතර කොටස් සොරුන් විසින් ගැලවීමට පෙර නිෙවසේ වංගෙඩිය අඩයට තබා ට්රැක්ටරයේ පිටුපස රෝද යුගලය, බැටරිය, රියැදුරු අසුන සහ බොනට් එක ඇතුළු අමර කොටස් ගලවාගෙන ට්රැක්ටරය අවට සහ අමතර කොටස් ගැල වූ ස්ථානවලට මිරිස් කුඩු දමා ඇති බව පොලිසිය පවසයි.
අලව්ව ජයන්ත දිසානායක