ජපන් ‘නගමොරි’ පදනමේ අනුග්‍රහයෙන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 50 දෙනකුට පාසල් පොත් හා දහම් පාසල් නිල ඇඳුම් ලබා දීම, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත්දා පැවැත්වුණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ පිරිවෙන් අධ්‍යක්ෂ, හෝමාගම පුරාණ විහාරාධිපති, ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමියන් සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෝ වශයෙන් සහභාගි වූහ. ජපන් ජාතික සතොකි නගමොරි මහතාගේ සංකල්පයක් මත, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කළ එම වැඩසටහනට, ‘නගමොරි’ පදනමේ කුමුදු ලංකා, වරුණ ගමගේ, චණ්ඩුක ලෝපෙස්, ස්ටැන්ලි ලෝපෙස්, යන මහත්වරුන් ද, ආරාධිත අමුත්තෝද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු ද, සිසු දරු දැරියෝද, සහභාගි වූහ.
පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ