139
අහංගම ගොවියාපාන ප්‍රදේශයේ දී 23දා උදෑසන මහව දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් විදේශිකයෙකු ඇතුළු දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සිට පැමිණි මෝටර් රථය ජයසුමනාරාම දුම්රිය හරස් මාර්ගයේ ගමන් කරමින් සිටියදී බෙලිඅත්තේ සිට මහව බලා ධාවනය කරමින් තිබූ රජරට රැජින දුම්රියේ ගැටී මෙම අනතුර සිදුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හිනිදුම – රවීන්ද්‍ර ලියනගේ