Home » ඩුබායි සිටින මත් ජාවාරමකුගේ මුදල් පරිපාලකවරිය සහ බෙදාහරින්නිය මාට්ටු

ඩුබායි සිටින මත් ජාවාරමකුගේ මුදල් පරිපාලකවරිය සහ බෙදාහරින්නිය මාට්ටු

by sachintha
January 24, 2024 1:44 am 0 comment

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොලොන්නාවේ චන්දන හා ධනුෂ්ක නමැත්තන්ගේ මුදල් පරිපාලකවරිය ලෙස කටයුතු කළ ‘බබා’ නැමැත්තිය සහ මත්ද්‍රව්‍ය බෙදා හරින්නියක් වන ‘ඒන්ජල්’ නමැත්තිය රාජගිරියේ දේවස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී මිලිගෑම් 1500 බැගින් අඩංගු ගංජා පැකට් 321ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් දෙසැම්බර් 12 වැනි දින කොලොන්නාව, උමගිලිය ක්‍රීඩාංගණය අසලදී කාය වර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන සිංහපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අංගොඩ ප්‍රදේශයේ දී කොටා නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ චන්දන නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

චන්දන සහ ධනුෂ්ක නමැත්තන් ඩුබායි රාජ්‍යයේ සිට විවිධ පුද්ගලයන් ලවා කොලොන්නාව ප්‍රදේශය කේන්ද්‍රස්ථානය කර ගනිමින් හෙරොයින්, අයිස් සහ ගංජා ජාවාරම මෙහෙයවන බවත් වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය කාය වර්ධන උපදේශකවරයා ඇතුළු පවුලේ අය ඔවුන්ගේ ගෝලබාලයන්ගෙන් මත්ද්‍රව්‍ය ලබා නොගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මත්ද්‍රව්‍ය ලබා ගැනීම විරසකයට හේතු වී ඇති බවත් ඒ හේතුවෙන් වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය පුද්ගලයාගේ සහෝදරියට ද එරට සිට චන්දන නමැත්තා දුරකතන ඇමතුම් මඟින් එම දිනවල මරණීය තර්ජනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණ.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT