Home » මහරගම හොර මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

මහරගම හොර මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

by sachintha
January 24, 2024 1:45 am 0 comment

මහරගම පොලිස් වසමේ පමුණුව, පොල්වත්ත, ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්කාගාරයක් වටලා මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක්, ගෝඩා හා කසිප්පු ස්ප්‍රීතු තොගයක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට (23) දින නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් සමත් වූ බව පොලිසිය පවසයි.

මහරගම පමුණුව ප්‍රදේශයේ නි‍ෙවසක කාමරයක් තුළ කසිප්පු නිෂ්පාදනය කරන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන් 54478 වසන්ත නිලධාරියාට ලද රහසිගත තොරතුරක් මත එම ඒකකයේ නිලධාරින් අධිකරණයෙන් ලබා ගත් නි‍ෙවස සෝදිසි කිරීමේ නියෝගයක් මත නි‍ෙවස පරීක්ෂා කිරීමේදී ඉතා සූක්ෂ්මව හා රහසිගතව හොර මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෙම අවස්ථාවේදී හොර මත්පැන් නිෂ්පාදනය කිරීමට සූදානම් කර යකඩ බැරල් කිහිපයක බහා තිබූ ගෝඩා මිලිලීටර් පන්ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් විනාශ කර දැමූ බවත් නිෂ්පාදනය අවසන්කර සකසා තිබූ කසිප්පු ස්ප්‍රීතු මිලිලීටර් 33750ක ප්‍රමාණයක් හා කසිප්පු නිෂ්පාදනයට යොදා ගත් තඹදඟර කිහිපයක්, විශාල ප්‍රමාණයේ ගෑස් උඳුන් 02, ගෑස් සිලින්ඩර් 03ක්, බැරල් හා බූලි තොගයක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

සමීර අබේසිංහ

නුගේගොඩ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT