පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශන ජාලය මඟින් සංවිධානය කරන ලද දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනය නිමිත්තෙන් නිකුත් කරන ලද ÒDestination Sri LankaÓ ග්‍රන්ථය දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන් මහතා වෙත පොදු රාජ්‍ය මණ්ඩලීය පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ එඩ්වඩ් රොබින්ස් මහතා විසින් පිළිගන්වනු ලැබිණි.
මෙම ග්‍රන්ථයට සංචාරක ආකර්ෂණීය තොරතුරු ලෙස ශ්‍රී ලංකාවේ සියලු නැරඹුම් ස්ථාන, ශ්‍රී ලංකාවේ ජීවත් වන විවිධ ජන වර්ග පිළිබඳව මෙන්ම වෙනත් සංස්කෘතීන් පිළිබඳව ද තොරතුරු ඇතුළත් කොට ඇත. විශේෂ අධ්‍යයනයන් සඳහා පැමිණෙන සංචාරකයන්ට වැදගත් වන ජන සංස්කෘතීන් පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් සහ ඡායාරූපද, අතීත උරුමයන් පිළිබඳව ද දීර්ඝව මෙයට ඇතුළත්කොට ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති මෙම පොත පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශන ජාලයේ සභාපති දිනේෂ් කුලතුංග මහතාගේ සංස්කරණයකි. මෙය ඉදිරියේදී ඩිජිටල් සඟරාවක් ලෙසින් ලොව පුරා ප්‍රචලිත කිරීමට ද බලාපොරොත්තු වන බව සංස්කාරකයෝ පවසති.
මෙම අවස්ථාවට පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ ෂේන් පෙරේරා මහතා, ගාල්ල නාගරික කොමසාරිස් තුෂාරි රස්නායක මහත්මිය, දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුවේ එම්. සෆීර් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
කරාපිටිය සමූහ එස්. ලොකුකරවිට