Home » නුගේ හන්දියේ ගලේ රොටි කඩේට – පහර දුන් අඹුසැමි යුවළ අත්අඩංගුවට

නුගේ හන්දියේ ගලේ රොටි කඩේට – පහර දුන් අඹුසැමි යුවළ අත්අඩංගුවට

by sachintha
January 24, 2024 1:48 am 0 comment

බණ්ඩාරගම, කළුතර ප්‍රධාන මාර්ගයේ මොරොන්තුඩුව, නුගේ හන්දිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන ගලේ රොටි කඩය නමැති ආපණශාලාවට අසල්වැසි පුද්ගලයකු පහර දී ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ පැමිණ පෙරේදා (22) සවස මෙම පහර දීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ ආපණශාලාවේ හිමිකරු ඔහුගේ බිරිඳ හා බාල දරුවා සමඟ බැහැරකට ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. අවුරුදු 15 හා 13 වැනි වයසේ පසුවන දරු දෙදෙනා පමණක් නිවසේ සිට ඇති අතර බියට පත් ඔවුන් දොරවල් වසා ඇඳ යට සැඟවී ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම රොටි සකස් කරන කළුගල ඇතුළු වටිනා දේපළ සැකකරුවන් විසින් පහර දී කඩා බිඳ දමා ඇති අතර දරුවන් විසින් මවුපියන්ට මේ ගැන දැනුම් දීමෙන් පසු ඔවුන් පැමිණ පොලිසියට පැමිණිලි කර තිබේ. මෙම පහර දීම පුද්ගලික ආරවුලක් මත සිදු වූ එකක් බවට අනාවරණය වී ඇති අතර සැකකාර අඹුසැමි යුවළ ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ශන මොරොන්තුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT