පින්වත්ත පොදු සුසාන භූමියේ ඉදි කිරීමට යෝජිත ආදාහනාගාරයේ වැඩ නතර වීමෙන් එහි ඉදි කර ඇති කොන්ක්‍රීට් කණු 47ක් අවදානමට ලක්ව ඇති බවට ප්‍රදේශවාසිහූ චෝදනා නඟති.
වසර දෙකකට පමණ පෙර ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් පිරිවරා උත්සවශ්‍රීයෙන් මුල්ගල තැබුව ද මේ වන විට එහි වැඩ කටයුතු මුළුමනින්ම නතරව ඇති බව ද ඔවුහූ පවසති. ඉදිකිරීම් කටයුතු මේ වනවිට සිදු නොවන බැවින් අවට ප්‍රදේශවල ජනතාව සෝදන ඇඳුම් වේළා ගැනීම සඳහා රෙදිවැල් ගැටගසා ඇති අයුරුද දැකගත හැකිවිය. මේදී පානදුර ප්‍රාදේශීය සභාවේ ලේකම් නුවන් සංජය ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. Òපසුගිය කාලසීමාවේ රටේ ආර්ථික තත්ත්වය මෙන්ම වෙළෙඳපොළේ භාණ්ඩවල මිල ඉහළ යාමෙන් වැඩ නතර කිරීමට සිදු වුණා. එහෙත් මේ වන විට මුදල් වෙන් කර ගෙන තිබෙනවා. ඒ අනුව ඉක්මනින් වැඩ ආරම්භ කරනවා.Ó
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක