අඹතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සෙනුරි චේතනා සත්සරණි සිසුවිය පසුගිය අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් A සාමර්ථ්‍ය 8ක් ගනිමින් ඉහළින්ම සමත් වූ අතර පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ද බටහිර තූර්ය වාදක මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද වසර ගණනාවක්ම කටයුතු කර ඇත.
උසස් පෙළ හැදෑරීම සඳහා ඇය පසුගියදා පාසලෙන් අස් වී වෙනත් පාසලකට යාමට පෙර ඇය තමා උගත් පාසල වෙනුවෙන් කෘතගුණ දැක්වීමක් සිදු කළාය.
විදුහලේ සංගීත භාණ්ඩවල අඩුපාඩු පවතින නිසා ඇයගේ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුතු එකෝඩියන් සංගීත භාණ්ඩය ඇය පාසලට පරිත්‍යාග කළාය. විදුහල්පතිනිය සමඟ නියෝජ්‍ය විදුහල්පතිනි උත්පලා පරණවිතාන, සංගීත ආචාර්ය සුජීව ලියනගේ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
සිරිසේන ගමගේ