Home » පාර මාරු වෙන්න ගිය කත බසයට බිලි

පාර මාරු වෙන්න ගිය කත බසයට බිලි

by sachintha
January 24, 2024 2:51 am 0 comment

ගාල්ල බස් නැවතුම්පොළ අසල දී පාර මාරුවෙමින් සිටි කාන්තාවක බස් නැවතුම්පොළට පැමිණි බසයක වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහායිකාවක ලෙස සේවය කරන නිරෝෂා ශ්‍යාමලී සෙනෙවිරත්න (45) නමැති දෙදරු මවකි. පසුගියදා (20) සිය සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ මෝටර් රථයෙන් නගරයට පැමිණි ඇය රථයෙන් බැස ගාල්ල බස් නැවතුම සහ දුම්රිය ස්ථානය අසල ඇති පාලමට යටින් මාර්ගය හරහා ගමන් කරද්දී කොළඹ දෙස සිට පැමිණි බසයක් බස් නැවතුමට ඇතුළු කරන අතරතුර එහි ගැටී ඇත. එම අවස්ථාවේ දී සිහිමුර්ජා වූ ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර හිසෙහි සැත්කමක් සිදු කළ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (22) මිය යන ලදි. පොලිසිය පවසන්නේ අනතුර සිදු කළ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
කරාපිටිය සමූහ එස්. ලොකුකරවිට

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT