පාස්පෝට් (PASSPORT) චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ක්‍රිස් ඇන්තනිගේ දෙවැන්න අපේ ප්‍රින්සිපල්ය. ඔහු සමඟ කළ කතා බහකි මේ.
l කොහොමද ප්‍රතිචාර?
අපි බලාපොරොත්තු නොවුණු තරම් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඊ. ඒ. පී. මණ්ඩලයෙන් ප්‍රදර්ශනය ඇරඹුණු අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමාහල් 43කදී තිරගත කෙරෙනවා. මේ හැම මවකම, පියකුම නරඹන්න ඕනෑ චිත්‍රපටියක්. බහුවිධ හැඟීම්, සංවේදනා දනවන නිසාදෝ, තරුණ, බාල, මහලු කාගේත් එක වගේ අවධානයක් දිනා ගන්නට ‘අපේ ප්‍රින්සිපල්’ සමත්වෙලා තියෙනවා. චිත්‍රපටිය බලන හැම කෙනකුම වාගේ සංවේදී අදහස් පළ කරනවා. ඒත්, ඉතින්, මං කිවුවාට බැහැනේ. පවුලේ හැමෝම එකට ළඟම සිනමාහලට ගිහින් බලන්න කියලා මං ආරාධනා කරනවා.
l ඒත්, නගරබද තරම්වත් ගම්බද සිනමාහල් නැහැනේ?
ඒත්, ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටිය ඉල්ලනවා. හුඟක් සිනමාහල් හිමියනුත් ඒ අනුව අපේ ප්‍රින්සිපල් තමයි තිරගත කරන්නේ. මුලින් අපිට තිබුණේ සිනමා ශාලා 28යි. කෙටි කලෙකදී 43ක් දක්වා වැඩිවුණේ ප්‍රේක්ෂක ඉල්ලීම් අනුවයි. තවදුරටත් චිත්‍රපටිය ඉල්ලමින් අපිට ඉල්ලීම් ලැබෙමින් පවතිනවා. චිත්‍රපටිය හොඳයි, බලන්න කියලා, චිත්‍රපටිය බැලූ අයගෙන් කටින් කට පැතිර යන ප්‍රචාරය අනුව තව හුඟ දෙනෙක් චිත්‍රපටිය බලන්න එනවා. පැයකුත් මිනිත්තු හතළිහක් වන මේ චිත්‍රපටයේ ධාවන කාලය තුළ කාටත් විඳගන්න දේවල් මේ තුළ තියෙනවා. ඒ වගේම, අද මේ රටේ ළමයි, තරුණ තරුණියන් මුහුණපාන අවදානම ගැනත් කියාපානවා. ඒකට පිළියමක් විදියට පවුලේ සමඟිය, සුහදතාව වඩා වර්ධනය කර ගැනීමත් එවිට ළමයා ඩැහැ ගැනීමට බලා සිටින මත් ඡාවාරම්කරුවන්ගෙන් ළමුන්, තරුණ පරපුර රැක ගැනීමත් අපට අපහසු නැහැ.
l එතරම් ඉල්ලීම් ලැබෙන්න මේ තුළ මොනවාද තියෙන්නේ?
ජීවිතය. අද මත්ද්‍රව්‍ය නිසා ජීවිත වැනසෙන හැටි. කොළඹ නාගරිකයෙක් වගේම තිදරු පියකු විදියට මමත් තදින්ම මෙය අත් විඳිනවා. අද ළමයි මත්ද්‍රව්‍ය නිසා අනතුරකයි ඉන්නේ. ඒ ආශ්‍රිත ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරිව දිවිනසා ගත් සමහරු ගැනත් වාර්තා වෙනවා.
සැබෑ ජීවිතයේදී අපි සමාජයේ විවිධ අහුමුලුවලදී අත්දකින ඛේදවාචක ඇසුරෙන් කාලීන නිර්මාණයක් කරන්න මට තද ඕනෑ කමක් ඇති වුණා. ඒ අනුවයි ‘අපේ ප්‍රින්සිපල්’ කළේ.
l සිංහලෙන් හඬ කැවූ මේ චිත්‍රපටිය රටේ හැමෝටම යාවිද?
ඉංග්‍රීසි උපසිරැසි ඇතුළත්. ඉදිරියේදී ඉන්දියාවේදී දෙමළ භාෂාවෙන් හඬ කැවීමට කටයුතු යොදා තියෙනවා. තවදුරටත් වැඩි පිරිසක් අතරට ගෙන යෑමේ අදහසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් දර්ශන සඳහා අවසර ඉල්ලා තියෙනවා. එහිදී සංස්කරණය කළ යුතු බවට දන්වා තිබුණා. ඒත්, ඊට අදාළ වැඩිදුර විමසීම් කළත් අපට තවම ඒ පිළිබඳ දන්වා නැහැ. අපි උතුරු නැඟෙනහිර ඇතුළු රට පුරා පාසල්වලදීත් අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය පෙන්වීමේ බලාපොරොත්තුවෙන් පසු වෙනවා.
l ජනප්‍රිය නළු නිළියන් රැසකගේ දායකත්වය මේ සඳහා ලැබෙනවා?
මේ චිත්‍රපටියේ දිල්හානි අශෝකමාලා, රොජර් සෙනෙවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, ජගත් චමිල, රුක්ෂාණි පෙරේරා, දුනීෂා පියුමි. සමන් කුමාර ගමගේ, දෙව්මිණි සිල්වා, අනුහස් සංඛ, තකේෂි දෙව්මිණි, ජොහැන් ජේසන්, පාලිත ප්‍රේමකුමාර, මංජු මුදලිගේ, සමන්ත කුමාර, ජයනි වීරසිංහ ඇතුළු ප්‍රවීණ හා දක්ෂ නළු නිළි පිරිසක් රංගනයෙන් එක් වෙනවා.
l නිෂ්පාදකවරු, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සෙසු පිරිස ගැනත් මතක් කරමුද?
සහාය අධ්‍යක්ෂණය ප්‍රදීප් රාජපක්ෂ, කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න, වේශ නිරූපණය මනනුවන් රූපසිංහ, කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස්, සංස්කරණය ශාන් අල්විස්, සංගීත අධ්‍යක්ෂණය සශීන් ගිම්හාන් පෙරේරා, ගැයුම් චන්න ගමගේ, ගීත රචනා සමන්කුමාර, දෙබස් පටිගත කිරීම තනුෂ්ක කහඳවල, නිෂ්පාදන කළමනාකරණය ප්‍රසාද් ඇන්ටනි. අපේ ප්‍රින්සිපල් නිෂ්පාදනය, උපුල් ධර්මසේන සහ ඉන්දික විමලරත්න.
නුවන් මහේෂ් ජයවික්‍රම